32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

යහපාලනය නිසා සංවර්ධනයෙන් අපිට අවුරුදු පහක් ආපස්සට යන්න සිදුවුණා – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

  පසුගිය අවුරුදු පහ යහපාලන රජය තුළ ඉතාමත් අසාර්ථක කාලසීමාවක් පසු නොකළා නම් ඒ කාල සීමාව තුළ අපේ රජය ඉදිරියට ගෙනයන්න පුළුවන් වුණා නම් මෙයට වැඩ සංවර්ධනයක් හම්බන්තොට දැකිය හැකි බවත් එසේනම්  මෙතනට අපි එනකොට අපිට බලන්න පුළුවන්වෙන්නෙ නිෂ්පාදනය රටට බෙදා හරින තැනක් හැටියට බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටි.

 අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හම්බන්තොට කර්මාන්තපුරයේ ඉදිවෙන ලංවා සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ පසුගිය 08 වනදා පස්වරුවේ  නිරීක්ෂන චාරිකාවක් සදහා එක් වෙමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා

 ”මෙම ආයෝජනයේ නියම හිමිකරුවා බවට පත්වන්නේ වර්තමාන අග්‍රාමාත්‍ය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එදා දකුණෙන් බිහි වූ ජනාධිපතිවරයෙක් හැටියට එතුමාට ඕන කරලා තිබුණා ලෝකයේ දියුණුවන අනෙක් රටවල් එක්ක බලනකොට අපේ රටේ කොළඹට විතරක් කේන්ද්‍ර කරගන්නෙ නැතිව ගම දියුණු කරන්න. ගම දියුණුවුණාම තමයි රට දියුණු වෙන්නෙ. ඒ වගකීම තුළ තමයි එදා හම්බන්තොට වරායක් අපේ දරුවන්ට දායාද කළේ. එසේ හම්බන්තොට වරායක් ඉදි කළ නිසා තමයි මේ සිමෙන්ති කර්මාන්ත ශාලාව මෙතන ඉදිවෙන්න අවශ්‍ය  කරන වපසරිය හැදිලා තියෙන්නේ. වරායක් ආශ්‍රිතව තමයි කර්මාන්ත ශාලා ඇතිවෙන්නනෙ. අද ඒකෙ ප්‍රතිඵලය තමයි අපට දකින්න ලැබෙන්නෙ.”

   ”අපට අද හැකිවෙලා තියෙනවා වැඩකරන ජනාධිපතිවරයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයන්න. ඒ තුළ තමයි අඛණ්ඩව ඉතා ඉක්මණින් මේ වගකීම ඉටු කරන්නෙ. ලෝකයේ අනෙකුත් රටවල් දෙස බලන විට මෙම කර්මාන්ත ශාලාව ඉතාමත්ම දැවැන්ත කර්මාන්ත ශාලාවක් බවට පත්වෙනවා. එක පැත්තකින් අපිට සතුටුවෙන්න පුළුවන් අපේ රටේ මේ වගේ දේශීය ව්‍යාපාරිකයෝ මෙවැනි දේවල් කරනවිට අපි රජයක් හැටියටත් මේ රටේ පුරවැසියො හැටියටත් සතුටුවෙන්න ඕන. ඒකට අවශ්‍යකරන ශක්තිය දෙන්න ඕන. මේ ප්‍රදේශයේ විරැකියාවට, මේ ප්‍රදේශයේ ආර්ථිකය නගාසිටුවන්න මේ සියලුම කටයුතුවලට මූලික වශයෙන්ම මේක දායකත්වයක් ලබන බවද හෙතෙම මෙහිදී අවධාරනය කළේය.

  ”මෙම වැඩබිමේ මිනිසුන් හයසීයක් හත්සීයක් සේවය කරනවා. මේ හම්බන්තොට ඉපදුණු මිනිස්සු මේකෙ සේවය කරනවා. ඉස්සර මේ පැත්ත අන්දර යායක් විතරයි. අද ඒ අන්දර යාය වැඩබිමක් බවට පත්වෙලා තියෙනවා. මුඩු බිම වැඩ බිමක් බවට පත් කළේ අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා. වර්තමාන අගමැතිතුමා. ඒක තවත් ශක්තිමත් කරන්න ගෝඨාභය ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙල ගෙනියනවා. මේ වැඩපිළිවෙල සාර්ථක කරලා කර්මාන්ත පුරයක් හැටියට පත් කරන්න හම්බන්තොටින් බිහිවුණු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා ඩී වී චානක ඉන්නවා.  ශ්‍රී ලංකා වරාය අධිකාරියත් මෙම වරායත් එක්ක සම්බන්ධ වෙලා මේ ආයෝජන ප්‍රවර්ධන කලාපය කර්මාන්ත ශාලාවලින් ඉතාමත් ශක්තිමත් කරලා රටේ ආර්ථිකය දියුණු කිරීමේ වගකීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. ”

” ධම්මික ලොකුවිතාන මහතා මෙම ආයතනයේ ප්‍රධානියා හැටියට එතුමාට ස්තුතිවන්ත වෙනවා. කොරෝනා කාල සීමාවක් තුළ  ලෝකයේ ආයෝජන කිරීම අඩුයි. නමුත් ධම්මික ලොකුවිතාන මහතාට ස්තුතිවන්ත වෙනවා කොරෝනා රෝගයෙන් අපි ඉවත් වෙලා රට නැවත හැදෙනකොට මෙම වැඩබිම ගොඩනගන්න කැපවීම ගැනත් ශ්‍රී ලංකා රජය හැටියට ජනාධිපතිතුමා හා අලමැතිතුමා වෙනුවෙන් මගේ ගෞරවය පුද කරන බවද අමාත්‍ය වරයා කියා සිටියේය.”

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -