32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

මහනුවර මහයියාවට සංචරණ සීමා

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු පෙරේදා (08) හමුවීමත් සමඟ මහනුවර මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ,මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරු හා සෞඛ්‍ය අංශ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් මෙම තීරණය ගත්තේ යැයි ඒ මහතා කීය.
මෙයට ඉහත මහයියාව ප්‍රදේශයේ එක් කොටසකට පමණක් සංචරණ සීමා පනවා තිබූ බවත් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් එකවර හමුවීමත් සමඟ එහි අනෙක් ප්‍රදේශත් ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මහනුවර නගර සීමාවේ වැඩි ජනඝනත්වයක් පවතින මහයියාව හා බෝගම්බර ප්‍රදේශ දෙකටම මේවන විට සංචරණ සීමා පනවා තිබෙන බවත් ආසාදිතයින් බහුලව හමුවූ එම ප්‍රදේශ වල ජනතාව සෙසු අය සමඟ මුහු වීම වැලැක්වීමට මෙම පියවර ගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 438 දෙනෙකු පෙරේදා (08) රාත්‍රී 9.00 වන විට වාර්තාවී තිබුණු බව සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.
එම දෙපාර්තුමේන්තු වාර්තා වලට අනුව මහනුවර නගර සීමා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 101 දෙනෙකු වාර්තා වී තිබේ.පෙරේදා (08) දිනය තුළ පමණක් නගර සීමා ප්‍රදේශයෙන් නව ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී ඇත.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -