32 C
Colombo
Tuesday, April 13, 2021
- Advertisement -

මහර බන්ධනාගාරයේ ගැටුමට හේතුව

Must Read

තෙකලා විදුලිය,නළ ජලයට මුදල් ගෙවා කුප්පි ලාම්පුවෙන් එළිය බැලීම.

පළාත් පාලන ආයතන සහ ඉඩම් වෙන්දේසිකරුවන්ගේ කූට ජාවාරම් පිළිබඳ විමසුමක්!චාන්දනී දිසානායක             "තෙකලා විදුලිය, නළ...

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

ඉඩකඩ සම්බන්ධයෙන් මතු වූ ගැටලුව මහර බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වයට එකහෙළා බලපෑ බව, සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව පෙන්වා දී තිබේ.

මේ අතර එම ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සඳහා යෝජනා කෙරුණු පංච පුද්ගල බහුවිධ විශේෂඥ මණ්ඩලයට අද (09) ඒ සඳහා අධිකරණයේ අවසරය හිමිවිය. 

මහර බන්ධනාගරයේ පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන නීතී කෘත්‍ය අදත් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මියගිය රැඳවියන් සඳහා සාධාරණ මරණ පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් බහුවිධ විශේෂඥ මණ්ඩලයකට අවසර ලබා දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (08) අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය එම නම් ඉදිරිපත් කළාය.

එම මණ්ඩලයේ සාමාජිකයින් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කර තිබුණේ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳුන් විජේවර්ධන, නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.ජේ.සී.පෙරේරා සහ  කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ටී. ඩී. දසනායක යන මහත්වරුන්ය.

එම කමිටුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු ද ඇතුළත් විය යුතු බවට අගතියට පත් පාර්ශ්ව ඊයේ ඉල්ලීමක් කළ අතර ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය ද ඊට කැඳවා තිබේ.

එමෙන්ම ගිනි අවි විශේෂඥයෙකු වන නියෝජ්‍ය රස පරීක්ෂක ජී.ජී.මඩවල මහතා ද මණ්ඩලයට නම් කර තිබේ.

එම පංච පුද්ගල බහුවිධ විශේෂඥ කමිටුවට අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේ අවසරය හිමිවිය.

මහෙස්ත්‍රාත්වරයා නියෝග ක‍ළේ මියගිය රැඳවූවන් 11දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

එමෙන්ම දැනට පරීක්ෂණ සිදු කර ඇති මළ සිරුරු 4ක් සම්බන්ධයෙන් ද යළි පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසර හිමිවිය.

රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ බහුවිධ විශේෂඥ මණ්ඩලය නියෝජනය කරන ගිනි අවි විශේෂඥවරයාගෙන් වෙනම රහස්‍ය වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙසය.

ඊට ද අධිකරණයෙන් අවසර හිමිවිය.

එමෙන්ම දැනට රාගම ශික්ෂණ රෝහලේ ඇති, මියගිය රැඳවූවන්ගේ දේහ IDH රෝහල වෙත රැගෙන ඒම සඳහා අවසර ලබා දෙන ලෙස ද නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේය.

ඊට අවසර ලබා දෙමින් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළෙ එම දේහ පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ සහ කෝවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරමින් IDH රෝහල වෙත රැගෙන යායුතු බවය.

මහර බන්ධනාගාරයේ දේපළ රැසක් ගිනිගෙන විනාශ වී ඇති නිසා රජයේ තක්සේරුකරු කැඳවා ස්ථානීය පරීක්ෂාවක් සිදුකර වාර්තාවක් ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමටද අධිකරණය අවසර ලබාදුන්නේය.

මහර ගැටුම සම්බන්ධයෙන් අපරාධමය විමර්ශනයක් ක්‍රියාත්මක බැවින් මෘත දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් තීන්දුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලැබුණු පසු  ප්‍රකාශයට පත් කරන බව මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.

රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැතිකඩ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන ලෙසට නීතිපතිවරයා විමර්ශන නිලධාරීන්ට උපදෙස් දී ඇති බවය.

මහර බන්ධනගාර කැරැල්ලේදී කුමන්ත්‍රණයක් සිදුවූවාද? එහි මහ මොළකරුවන් කවුද? බාහිර සමාජයේ පාර්ශ්වයක් මීට සම්බන්ධ වූවාද? වෙඩි තැබීමේ නියෝගය කර තිබුණේ කවුරුන්ද?  එහි පුද්ගලික ආරක්ෂාව අභිබවා ගොස් තිබෙනවාද? මීනිමැරුමක් සිදුවී ඇත්ද? යන පැතිකඩ ඔස්සේ එම විමර්ශන සිදුකරන්නැයි උපදෙස් දුන් බව ඇය අධිකරණයට පෙන්වා දුන්නාය.

මේ වනවිට මහර බන්ධනාගාරය තුළ සිටින රැඳවියන්ගේ නම් ලැයිස්තුව බන්ධනාගාරය ඉදිරිපිට පළකර තිබේ.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

තෙකලා විදුලිය,නළ ජලයට මුදල් ගෙවා කුප්පි ලාම්පුවෙන් එළිය බැලීම.

පළාත් පාලන ආයතන සහ ඉඩම් වෙන්දේසිකරුවන්ගේ කූට ජාවාරම් පිළිබඳ විමසුමක්!චාන්දනී දිසානායක             "තෙකලා විදුලිය, නළ...
- Advertisement -

More Articles Like This

- Advertisement -