32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

දියුණුතම යුරෝපීය තාක්ෂණය භාවිතා වන, දිවයිනේ විශාලතම සිමෙන්ති කම්හල

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2021 ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිතව පවතී. අතිනවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්තශාලාව කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක ප්‍රදේශයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපෘතියක් වන මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70 ක් වන අතර එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ. දෙවෙනි අදියරේදී තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජනයක් සමගින් නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවෙනු ඇත. මෙම කර්මාන්තශාලාවේ එක් විශේෂතම ලක්ෂණයක් වන්නේ අතිනවීන තාක්ෂණය භාවිතා කිරීමයි. මෙහි සියලුම මිශ්‍ර කිරීමේ කටයුතු Gebr Pfeiffer යන්ත්‍ර භාවිතයෙන් සිදුකරනු ලබන අතර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භාවිතා කෙරෙන අනෙකුත් යන්ත්‍රෝපකරණ බොහොමයක්, නවෝත්පාදන සම්බන්ධයෙන් ලෝ ප්‍රකට Siemens සමාගම මගින් විශේෂයෙන් සැලසුම් කර ඇත. ඇසුරුම්කරණ කටයුතු වලදී කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ අපතේ යාම් අවම කිරීම සඳහා අතිනවීන FLSmidth තාක්ෂණය භාවිතා වේ.

“මෙම කර්මාන්තශාලාව මගින් උසස්ම තත්වයේ නිෂ්පාදන ලබාගත හැකිවීම ඉදිකිරීම් කර්මාන්තයට බෙහෙවින් වාසිදායක වේවි. මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ උපරිම නිෂ්පාදන හැකියාවක් සඳහා නවීනතම යුරෝපීය තාක්ෂණය භාවිතා කරන අතරම පරිසර හිතකාමීත්වය වෙනුවෙන් අඛණ්ඩ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කෙරෙන එකම කර්මාන්තශාලාව බවට මෙය පත්වේවි.” ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පැවසී ය.

මෙම කර්මාන්තශාලාවේ පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය ‘ස්ටැකර් රික්ලේමර් යාර්ඞ්’ එකක් සහ ‘බි්‍රජ් – ටයිප් ෂිප් අන්ලෝඩර්’ දෙකක් ඇතුළත් වේ. මෙය ජාත්‍යන්තර ප්‍රවණතා වලට සමගාමී වන, ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සම්බන්ධ පුරෝගාමී පියවරකි. භාණ්ඩ ප්‍රවාහන නෞකා 3 කට සමාන ගබඩා පහසුකම් ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සතු වන අතර, වරායේ සිට කර්මාන්තශාලාව දක්වා අමුද්‍රව්‍ය ප්‍රවාහනයට කිලෝමීටර් 2.4 ක දිගින් යුත් ‘කන්වේයර් බෙල්ට්’ එකක්ද යොදා ඇත. කාර්යක්ෂමතාව වැඩි කරන, අපතේ යාම් අවම කරන සහ පරිසර දූෂණය වළක්වන පියවරක් වන මෙය අනෙකුත් කර්මාන්තශාලා වලටද ආදර්ශයක් වනු නිසැක ය. මෙම සියලුම තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වරට වන අතර, සමස්ත කලාපය තුළද මෙම පහසුකම් ඇත්තේ සීමිත කර්මාන්තශාලා ගණනක පමණි.

නිෂ්පාදන කටයුතු ආරම්භ වූ පසු, කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළුව සියලුම ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍ය පෝර්ට්ලන්ඞ් සිමෙන්ති, පෝර්ට්ලන්ඞ් ස්ලැග් සිමෙන්ති සහ පෝර්ට්ලන්ඞ් හුණුගල් සිමෙන්ති ඇතුළුව ‘බ්ලෙන්ඩඞ් සිමෙන්ති’ නිෂ්පාදන සියල්ලම පාහේ මෙම කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය වනු ඇත

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -