32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අලි මිනිස් ගැටුමට ස්ථිර විසදුමක් ලබා දෙනවා -වනජීවී අමාත්‍ය එස් ,එම් චන්ද්‍රසේන

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

වන අලි පහරදීම් වලින් මියයන් ගොවීන්ට ලක්ෂ පහ වෙනුවට ලක්ෂ 10ක වන්දියක් දෙනවා

පසුගිය අවුරුදු 5 තුළ අලි මිනිස් ගැටුම සම්බන්ධව එවකට පැවති රජය කිසිම දෙයක් සිදු නොකළ බවත් සිදුකල එකම දෙය    සරත් ෆොන්සේකා හිටපු වනජීවී ඇමතිතුමත් රාජ්‍ය ඇමති තෙවරප්පෙරුම මහතාත් ගහගත්ත එක පමණක් බව වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේය .අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ පසුගිය 20 වනදා සවස අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් මෙන්ම ප්‍රදේශයේ රක්ෂිත ඉඩම් සමබන්ධයෙන් පවතින්බා ගැටළු සම්බන්ධයෙන් පැවති  විශේෂ සාකච්චාවක් සදහා එක්වීමෙනි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුමෙන් බැට කන ප්‍රදේශයක ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට මට මේක හොඳට දැනෙනවා.පසුගිය කාලය තුළ වනජීවී දෙපාර්තමේන්තුවට බඳවාගැනීම් කරලා නැහැ. ඒ නිසා ඒකෙ පිරිස් බලය අඩුයි. මේ කාරණය පිළිබඳ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැනුම්දුන්නා. එතුමා කිවුවා අවශ්‍ය බලය දෙන්නම් අවශ්‍ය පිරිස් බලය දෙන්නම් අවශ්‍ය උපකරණ සහ පහසුකම් දෙන්නම්  මේක පුළුවන් තරම් ඉක්මණින් ඉවර කරන්න කියලා. අපි දන්නවා මේක සමාජයට විශාල පිළිලයක් බවට පත්වෙලා තියෙනවා. මිනිස්සු මැරෙනවා අලි මැරෙනවා. මිනිස්සුන්ට කන්න තියෙන වගාව විනාශ වෙනවා. ඒ නිසා මේක ලොකු ව්‍යවසනයක්. ගොවිමහත්තයෙක් කිවුවා. එල් ටී ටී ඊ ත්‍රස්තවාදය වගේ තමයි මේ ත්‍රස්තවාදයත් කියලා. එල් ටී ටී ඊ ත්‍රස්තවාදය අවසන් කළ ආණ්ඩුවකට මේ ත්‍රස්තවාදය අවසන් කරන්න අපහසු වෙන්නෙ නැති බව අමාත්‍ය වරයා කියා සිටියේය එමෙන්ම  ඉක්මනින් විදුලි වැටවල් ටික ගහලා  කැළෑවැදිලා පාලුවට ගිහින් තියෙන  ආරක්ෂක කුටි නැවත සක්‍රිය කිරීම සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශාල බලකායක් මේකට බඳවාගෙන මේ කුටි සහ අලුතින් තව කුටි ඉදිකරලා ඒවාට යෙදවීමට බලාපොරොත්තු වන බවද  වරයා  මෙහිදී අවදාරණය කළේය .  

”ඒ වගේම දැනට විදුලිබලය අඩු නිසා තමයි මේ විදුලි වැටවල් අක්‍රියවෙලා තියෙන්නෙ. ඒ සඳහා නව තාක්ෂණය යොදාගන්නවා. ඒ සඳහා චීන විශේෂඥ කණ්ඩායමක් ලංකාවට එනවා. අලියෙක් ඇතුළුවෙනකොට කිලෝමීටරයක් ඈතට සංඥාවක් නිකුත් වෙන ක්‍රමයක් තියෙනවා නව තාක්ෂණයේ. ඒ නිසා පැරණි ක්‍රමවෙනුවට නව තාක්ෂණය යොදාගෙන ජාතික ප්‍රශ්නයක් වුණු මේ අලි මිනිස් ගැටුම විසඳන්න පුළුවන් තරම් විසඳුම් දෙනවා.

”මම දැක්කා මාධ්‍යයේ ප්‍රචාරය වුණා හම්බන්තොට රෝහල් භූමියට අලියෙක් ඇවිල්ලා. මේ වගේ දේවල් වෙනකොට මිනිස්සු භය වෙනවා.මේ භය ඉවත් කරලා ගොවියා ආරක්ෂා කිරීම ජනතාව ආරක්ෂා කිරීම අපේ වගකීමක්. ඒක අපි උපරිම වශයෙන් ඉටු කරනබවද හෙතෙම කියා සිටියේය . 

 ජාතික වනෝද්‍යාන කියන්නේ රටේ ජනතාවට අයිති වත්කමක් මේක. රටේ ඉහළම පුරවැසියාගෙ ඉඳලා සෑම පුරවැසියෙකුටම අයිති ජාතික වස්තුවක්. ඒ නිසා එක එක්කෙනාට ඕන විදියට තමන්ගේ පෞද්ගලික බූදලයක් විදියට මේක පරිහරණය කරන්න අපි ඉඩදෙන්නෙ නැහැ. මේ ජාතික වනෝද්‍යානයට එන්න දුප්පත් පොහොසත්කම් බලය ඇති නැති කියලා භේදයක් නැහැ. මේක හැම කෙනෙකුටම පරිහරණය කරන්න අවස්ථාව ලැබිය යුතුයි. අත්තනෝමතික විදියට මේක පාවිච්චිකරන්න අපි ඉඩ දෙන්නෙ නැති බවද අමාත්‍ය වරයා මෙහිදී අවධාරණය කළේය . 

 මේ වනවිට වන අලි පහරදීමක දී ලක්ෂ 5යි දෙන්නෙ. ගොවීන් තමයි වැඩි වශයෙන්ම වන අලි පහරදීමට ලක්වෙන්නෙ. ගොවීන් ඉන්න ප්‍රදේශවල තමයි අලි ඉන්නෙත්. ඒ නිසා මෙම මුදල ලක්ෂ 10 දක්වා වැඩි කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මේ මුදල ලබාදීම ප්‍රමාද වීම ගැන කතාකරනවා. ඒ නිසා අපි දිසාපතිතුමාගෙ අරමුදලට කලින් මුදලක් එවලා තියන්න කටයුතු කරනවා. නැත්නම් ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ගාවට ගිහිල්ලා දෙපාර්තමේන්තුවට එනකොට කාලෙ ගතවෙනවා. අපේ ආපදා අරමුදලක් තියෙනවා. ඒ ඔස්සේ අපි මේ මුදල පහසුවෙන් කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය චනද්‍රසෙන මහතා මෙහිදී අවධාරණය කළේය

 ” හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිත කලාපය තුළ වන අලි බොහොමයක් ජීවත්වන ප්‍රඩ්ස්හ්යක් බැවින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ගැටළුව විසඳන්න කැළය තියෙන්න නිසා  ස්ථිරවම හම්බන්තොට යෝජිත අලිකලමනාකරන රක්ෂිත ප්‍රදේශය . ලබන වසර තුළ වන සංරක්ෂණ කලාපයක් ලෙස ගැසට් කරන බවද වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේය .

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  

”කැලේ ඇතුලෙ අලිවැට ගලවාගෙන බලහත්කාරයෙන් අක්කර දෙදාහ තුන්දාහ සුද්ද කරගෙන කුමන හෝ බලපෑමක් මත තාවකාලික නොවන වගාකිරීම් කර තිබෙනවා. ඒවා හේන් ලෙස හැඳින්විය නොහැකියි. නමුත් ගමේ කෙනෙක් ගොස් අක්කරයක් දෙකක් සුද්දකරගෙන හේනක් කරන්න ගියොත් ඒකට නඩු වැටෙනවා.අක්කර දෙසීය තුන්සීය සුද්ද කළාම ඒකට අනුමැතිය ලැබී ඇති බව අපට පවසනවා.

හේන් ගොවිතැනේ සම්ප්‍රදාය අනුව කුලියට මිනිස්සු වැඩ කරන්නෙ නෑ.ගමේම කට්ටිය ගිහින් තමයි හේන් ගොවිතැන් කරන්නෙ. නමුත් අපි ගිහින් පරික්ෂා කිරීමේ දී පඩියට වැඩ කරන අය සිටින බව පෙනුනා. ඒ අය මේ ගම්වල අයත් නොවන බව පෙනී ගියා. අලිවැට ගැහුවත් ඒ තුළ ඉඩම් අත්පත් කරගන්නා අයට එය තෝතැන්නක් වෙනවා නම් ඒ පිළිබඳව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒකෙන් අදහස්වෙන්නෙ නෑ පාරම්පරික හේන් ගොවියව එළියට දානවා කියලා.මත්තල හේන් ගොවීන්ට අවුරුදු දෙක හමාරක් තිස්සෙ කන්න 04ක් හේන් කරගන්න විදියක් නෑ. නමුත් එතන එහා පැත්තෙ අක්කර 200ක වගාවක් තියෙනවා.

 ”  විශාල ගැටළුවක් තියෙනවා සමහර පුද්ගලයො තමන්ට රිසි ලෙස යාල හසුරුවනවා කියලා චෝදනාවක් තියෙනවා. සාමාන්‍ය විදියට සංචාරකයන් සඳහා යාල විවෘතවන්නේ පාන්දර 06ට වුවත් ඇතැම් පුද්ගල වුවමනා මත පාන්දර 4ටත් යාල විවෘත වන බවටත් පැමිණිලි තිබෙනවා. ඒ වගේම යාල තුළ ඇතැම් මාර්ග වසා ගෙන වන සතුන්ගේ ඡායාරූප ගන්නා බවටත් චෝදනා තිබෙනවා. මෙම චෝදනා ගමේ අයගෙන්, යාල නරඹන්නන් ගෙන් මෙන්ම සෆාරි ජීප් රියදුරන්ගෙන් ද ලැබෙනවා.සෆාරි ජීප් රථ රියදුරන් විසින් ඔවුන්ගේ මහන්සියෙන් හම්බ කරගෙන එයාලම කමිටුවක් හදාගෙන එයා‍ලගෙම නීතියක් දාගෙන තමයි යන්නෙ. ඒකෙදි සල්ලි තියෙනව නම් එක විදියක් දේශපාලන බලය තියෙනව නම් තව විදියක් උද්‍යානයේ නිලධාරීන් සමග සබඳතා තියෙනව නම් තව විදියක් නැතිව සංචාරක සංගමය සම්බන්ධ කරගෙන මේ පිළිබඳ අධ්‍යයනය කරලා මේ තුළ කිසියම් සම්මත නීති රීති පද්ධතියක් සකස් කළ හැකි නම් ජීප් රථ රියදුරන්ට සන්නිවේදන පද්ධතියක් සකස් කරලා දිය හැකි නම් ගැටළු රැසක් විසඳෙන බව මෙහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය . 

 යාල තුළ මූලිකත්වය හිමිවෙන්නෙ සතුන්ට. නගරෙ ප්‍රමුඛතාවය මිනිසුන්ට නම් කැලේ ප්‍රමුඛතාවය සතුන්ට හිමි විය යුතුයි. යාල රියදුරන්ගේ වාහන රෙපෙයාර් කරන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කරලා සන්නිවේදන පද්ධතියක් සකස් කර දීලා පුළුවන් තරම් පෞද්ගලික වාහන උද්‍යානයට ඇතුළුවෙන එක අවම කරන තැනට නීති සකස් කළාම සියලුම ප්‍රශ්නවලට එය විසඳුමක් වන බවයි පාර්ලිමන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -