32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

උසස් සම්භවයකින් යුත් අශ්ව පැටවුන් අභිජනනය කිරිමේ ක්‍රියාවලිය සාර්ථකයි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

මෙරට දේශගුණයට හා පරිසරයට ගැළපෙන උසස් සම්භවයකින් යුත් අශ්ව පැටවුන් අභිජනනය කිරිමේ ක්‍රියාවලිය මේ වන විට ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් මීට මාස දෙකකට පමණ ඉහත දී කෘතිම සිංචනයෙන් බිහිකළ සමන්තා අශ්ව පැටවා මේ වන විට ඉතාමත් නිරෝගීව වැඩෙමින් සිටින බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික පෙරේරා මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික පෙරේරා මහතා


ශ්‍රී ලංකාවට ඔබින මෙම අශ්ව විශේෂය අපි ඇන්ග්ලෝ ඇරබියන් වශයෙන් නම්කර තිබෙන බවත් රෙඩ් සහ තුල්වන් නැමැති උසස් පෙළපතකින් පැවත එන වෙළඹුන් දෙදෙනෙකු මේවන විට කෘතීම සිංචන ක්‍රමය මගින් ගැබ් ගැන්වීමට පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවර පල්ලේකැලේ රයිපල් බලකා පරිශ්‍රයේ පිහිටා ඇති අශ්ව අභිජනන මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
පල්ලෙකැලේ රයිෆල් බළකා පරිශ්‍රයේ අක්කර 80 ක භූමි භාගයක සත්ත්ව අභිජනන උපදේශක හා පරිසරවේදී පාලිත සමරකෝන් මහතා විසින් පවත්වාගෙන යනු ලබන අශ්ව අභිජනන මධ්‍යස්ථානයේදී මෙම අශ්ව පැටවුන් අභිජනනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
පල්ලේකැලේ රයිෆල් බළකා පරිශ්‍රයේ පිහිටි පාලික සමරකෝන් මහතාට අයත් මෙරට එකම අශ්ව අභිජනන මධ්‍යස්ථානයේ පරම්පරා හතක අශ්වයන් සිටින බවත් එම සතුන් අපේ රටේ පරිසරයට හා දේශගුණයට අනුවර්තනයවී සිටින බවත් කී ධම්මික පෙරේරා මහතා අනිකුත් සතුන්ට සාපේක්ෂව මෙරට අශ්ව ගහණය ඉතා කුඩා එකක් බවද අවධාරණය කළේය.
අශ්වයින් ආනයනය කිරීමට වාර්ෂිකව ඉතා විශාල මුදලක් වැය කෙරෙන බවත් සාමාන්‍යයෙන් එක් අශ්වයෙකු මෙරටට ගෙන ඒමට රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 100 දක්වා වූ මුදලක් වැයවන බවත් ඒ මහතා කීය.

මෙරටට ගෙනඑන අතර මඟදීත් ලංකාවේ පරිසරයට අනුවර්තනය වීමට නොහැකි වීමත් නිසා රෝගීව සතුන් මියයන අවස්ථා තිබෙන බවත් ඒ සඳහා ඇති හොඳම විකල්පය කෘතීම සංචන ක්‍රමය මගින් අපේ රටට ගැලපෙන අශ්වයින් බිහිකර ගැනීම බවත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා පැවසුවේය.
නිරෝගී වෙළඹක් තෝරා එම සතාගේ ගර්භාෂයට ඇමරිකාවෙන් ගෙනා උසස් වර්ගයේ අශ්වයෙකුගේ ශුක්‍රාණු කෘතිම සිංචනය මගින් ඇතුළුකර පැටවුන් බිහිකර ගැනීම මේවන විට සාර්ථකවී තිබෙන බවත් සතුන්ගේ ඩිම්බ හා ගැබ්ගෙල පරීක්ෂාව අල්ට්‍රා ස්කෑන් මගින් නිරතුරුවම සිදු කරන බවත් ඒ මහතා කීවේය.

මේ ක්‍රමය මගින් ලංකාවට ම සුවිශේෂී වූ අශ්ව පරපුරක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ සාර්ථක ප්‍රතිඵල අපි මේ වන විට ද ලබා තිබෙනවා යයි වෛද්‍ය ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෘතීම සිංචන ක්‍රමවේදය සඳහා අවශ්‍ය ශුක්‍රාණු ඇමරිකාවේ කැලිෆෝනියාවේ තුරඟ තරඟ ශූරතාව දිනූ ඉතා උසස් පෙළපතක ජවසම්පන්න අරාබි අශ්වයෙකුගේ ශුක්‍රාණු ඉහළ මිලක් ගෙවා ලබාගත් බව පාලිත සමරකෝන් මහතා කීය.


ගොවිපළේ අපි බිහි කරන සතුන් වෙනුවෙන් ආහාර සඳහා මාසයකට රුපියල් 20000.00 ක් පමණ වැය කරන්නේ යැයි ඒ මහතා පැවසුවේය.මෙම ක්‍රමවේදය මගින් අපේ රටට ගැළපෙන ඕනෑම සතෙක් බිහිකළ හැකි බවත් ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් සමරකෝන් මහතා ප්‍රකාශ කළේය.

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -