32 C
Colombo
Friday, February 26, 2021
- Advertisement -

බලධාරීන්ට නොපෙනෙන දඹුල්ලේ නීති විරෝධී ව්‍යාපාර

Must Read

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ...

ගේදොර වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දි ගෙවන්නැයි සැමියාට නියෝගයක්

සිය විවාහ දිවිය සමයේදී "නිවසේ වැඩ කිරීම වෙනුවෙන්" සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙස චීනයේ "දික්කසාද අධිකරණයක්" පුද්ගලයෙක්ට නියෝග...

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ප්‍රධාන මාර්ගය දෙපස රටේ පවතින පොදු නීති සියල්ල උල්ලංඝනය කරමින් දෙස් විදෙස් සංවිධානාත්මක කණ්ඩායමක් මහා පරිමාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී වගකිව යුතු බලධාරීන් මුනිවත රකින්නේ කුමක් නිසා දැයි ජනතාව ප්‍රශ්න කරති.

රටේ ජනතාවට පවතින පොදු නීති වන පරිසර නීතිය ෞඛ්‍යය නීතිය, දේශීය ආදායම් නීතිය,පාරිබෝගික නිතිය ,රථවාහන නිතිය .ආදී සියලු නීති රීතීන් මාර්ග නීති සියල්ල ඇස් ඉදිරිපිටම උල්ලංඝනය කරමින් සිටිති .

ඊට අමතරව රජය මහජන මුදලින් ඉදිකර ඇති ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම මෙම ගනුදෙනුකරුවන් අත්පත් කරගෙන ප්‍රධාන මාර්ගය දෙපස වාහන තුලදීම පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය ,මාලදිවයින ,චීනය ආදී රටවල් රැසක කණ්ඩායම් සමග වෙළඳාම් කටයුතු වල නිරත වෙති.

රජයකට හෝ පළාත් පාලන ආයතනවලට ගෙවිය යුතු බදු මුදල් ගෙවීමක් මෙහි සිදු නොවෙති .එමෙන්ම මහජන මුදලින් ඉදි කොට ඇති මෙම ප්‍රධාන මාර්ගයේ කාණු සියල්ල බොරළු සහ විශාල දැව කොටන් දමා ගොඩ කර හමාරය. මාර්ග නීති විදහා දැක්වෙන නාමපුවරු සලකුණු සියල්ල මෙම ව්‍යාපාරිකයෝ විසින් කඩා බිඳ දමා අවසන්ය .මාර්ගය දෙපස ඇති පාලම් බෝක්කු සියල්ල මේ වන විටත් කඩා දමා අවසන්ය .

එමෙන්ම විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල ලොකු ලූනු ආදී බහාලුම්වල අපද්‍රව්‍ය විශාල වශයෙන් මාර්ගය දෙපස තැන තැන ගොඩ ගසා තිබේ .
කාණු සියල්ල ගොඩ කර දමා ඇති නිසා තැන තැන විශාල වතුර වළවල් පිරී ඒවාට අපද්‍රව්‍ය එක්වීම නිසා තනිකර කසල සුසානයක් බවට පත්ව ජනතාවට ලෙඩ බෝ කරන මධ්‍යස්ථානයක් බවට පත්වී තිබේ.

අප මෙම ස්ථානයට ගොස් සොයා බැලීමේදී කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු අර්තාපල් අල කාන්තාවන් සහ පිරිමින් බෑම පැටවීම තේරීම සිදු කරති.

මෙහි එක් දෙසකට පමණක් වාහන ගමන් කිරීමට හැකි බව නාගරික කොමසාරිස් වරයාගේ අණ පරිදි දැන්වීම් පුවරු සවිකර තිබුණ ද මෙම ස්ථානයේ ගනුදෙනු කරන සහ වෙළඳාම් කරන බොහෝ දෙනා එම නීතිය කිසිදු ආකාරයකට මායිම් නොකර රථවාහන තමාට අවශ්‍ය තැන්වල නවතා ගැනීම ගමන් කිරීම ආදී සිදු කරනු ලබන ආකාරය අපට දැක ගැනීමට හැකි විය.

මෙම මාර්ගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් හට එළවළු රැගෙන ඒම සඳහා පහසුවට ඉදිකරන ලද්දකි ,ගොවීන් කියා සිටින්නේ තමන්ට පාපැදියකින් හෝ එළවළු ටිකක් රැගෙන ඒමට නොහැකි වන පරිදි විදේශ රටවල ගොවීන්ගේ බවභෝග එහි මාර්ග හරස් කොට අලවි කරන බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මෙම නීති විරෝධී නීති උල්ලංඝනය කරමින් ගනුදෙනු කරන මාර්ගයේ 28 වන දින පැවති ආකාරය පිළිබඳව සොයා බැලීමට අප එහි ගියෙමු .දඩබ්බර රියදුරන් ව්‍යාපාරිකයන් ඔවුන්ගේ අණසක පතුරුවමින් එහි ක්‍රියාත්මක විය .පසුව අප දුරකථනය හරහා දඹුල්ල පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දැනුම් දීමෙන් පසු රථවාහන පොලිසියේ කිහිප දෙනෙකු පැමිණ එම රියදුරන්ට අවවාද කරන අයුරු දැක ගැනීමට හැකි වීමද විශේෂත්වයකි.

දඹුල්ල පොලිසියේ මහ නගර සභාවේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන අධිකාරියේ අවධානය යොමු විය යුතුම ස්ථානයකි . එක රටක එකම නීතියක් ක්‍රියාත්මක වෙද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගයේ වෙනම කැලෑ නීතියත් ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ජනතාව ප්‍රශ්න කර සිටිති.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...
- Advertisement -

More Articles Like This

- Advertisement -