32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

තේ පැළ ලක්ෂ 200 ක් ලබන වසරේදී වගා කිරීමට කටයුතු කරනවා – අමාත්‍ය කනක හේරත්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

මෙරට තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා තේ නිෂ්පාදනය ඉහළ නැන්විය යුතුව තිබෙන බවත් ඒ සඳහා තේ පැළ ලක්ෂ 200 ක් ලබන වසරේදී වගා කිරීමට පියවර ගන්නා බවත් සමාගම් වතු ප්‍රතිසංස්කරණ,තේ වතු ආශ්‍රිත බෝග වගා,තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
පැළ තවන්කරුවන් ගෙන් මෙම තේ පැළ මිලට ගන්නා බවත් ඒ සඳහා ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් හා වතුර මෝටරයක් ඇතුළු සහන රැසක් ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා කීය.
අදාළ මුදල් හා වතුර මෝටර් පැළ තවන්කරුවන්ට ලබාදීම වෙනුවෙන් රන් දල්ලට නවෝදයක් මැයෙන් කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ සමාරම්භක උත්සවය පෙරේදා (28) මහනුවර ජත්‍යන්තර රතුකුරුස සංවිධාන ශාලාවේ පැවැති අවස්ථාවේදී ඇමැතිවරයා මේබව ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන යටතේ දිවයිනේ තේ පැළ තවන්කරුවන් 500 දෙනෙකුට මුදල් හා වතුර මෝටර් ලබා දීමට නියමිතය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කනක හේරත් මහතා තේ කර්මාන්ත අංශයේ අගය ජනපතිතුමන් හොඳින් තේරුම් ගෙන සෞභාග්‍යයේ දැක්ම තුළින්ද ඒ සම්බන්ධව අවධානය යොමුකර තිබෙන බවත් මෙම අංශයේ දියුණුව පිණිස මෙවර අයවැයෙන් පසුගිය වසරට වඩා දෙගුණයක මුදලක් වෙන් කිරීමට මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙන බවත් පැවසුවේය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට අපනයන කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටෙත්දී රටට විදේශ විනිමය ගලා ආවේ තේ කර්මාන්ත අංශයෙන් බවද ඒ මහතා කීය.
පසුගිය වසර පහක කාලය තුළ මෙරට තේ නිෂ්පාදන අංශය කඩා වැටුණු බවත් 2014 දී කිලෝ මිලියන 340 ක් වූ තේ නිෂ්පාදනය පසුගිය කාලයේ මිලියන 290 ක් දක්වා පහත බැස තිබෙන බවත් කී රාජ්‍ය ඇමැතිවරයා මෙම වසරේ තේ නිෂ්පාදනය අඩු වීමට නියඟය ප්‍රබලව බලපෑ බවද අවධාරණය කළේය.
මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් 75% ක් පමණම ලැබෙන්නේ කුඩා තේ වතු වලින් බවද ඇමැතිවරයා පැවසුවේය.ඉදිරි පස්වසර තුළ තේ නිෂ්පාදනය ඉහළ නැන්වීමට සැළසුම්කර තිබෙන බවත් රන් දල්ලට නවෝදයක් තුළින් බලාරොත්තු වන්නේ එම ඉලක්කය ජය ගැනීම බවත් ඒ මහතා පැවසුවේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ,නීතීඥ උදයන කිරිඳගොඩ,මහචාර්ය රංජිත් බණ්ඩාර,කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර ගැමුණු රණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප-රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා රන් දල්ලට නවෝදයක් වැඩපිළිවෙළ යටතේ තේ පැළ තවන් හිමියෙකුට මූල්‍ය ආධාර සමඟ වතුර මෝටරයක් ලබාදුන් අයුරු.

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -