32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ශ්‍රී පාද වන්දනාවාරය ඇරඹේ

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

මෙවර සිරිපා වන්දනා වාරය ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව බැතිමතුන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ 29 ආරම්භ කෙරුණි.

ශ්‍රී පාද පද්මය සුබ නැකතට අනුව සුවඳ පැණින් දෝවනය කිරීමෙන් පසු පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවෙල්ල හැටන් මාර්ගය ඔස්සේත් බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත් රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේත් වැඩම කළ සදාතුක කරඩුව,සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීම බැතිමතුන්ගේ සාධු නද මධ්‍යයේ සිදුකරනු ලැබීය.

ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වු දිනයේ දේශීය වෙදකම ප්‍රවර්ධන,ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නිතිඥ සිසිර ජයකොඩි මහතා විසින් ආයුර්වේද ඖෂධ වර්ග 108 කින් සමන්විත ඖෂධ වට්ටොරුවක්ද ශ්‍රි පාද උඩ මළුවට පුජා කරනු ලැබීය.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරමින් පුද පුජා පැවත්වුවත් පවතින වතාවරණය අනුව රජයෙන් ලබා දි ඇති උපදෙස් සියලු දෙනාම පිලිපැදිය යුතු බව ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ ප්‍රකාශ කළහ.

වසංගත තත්ත්වය උත්සන්න වූ නිසා පසුගිය සිරිපා වන්දනා වාරයේදී බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමට නොහැකි බවත් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව මෙවර සිරිපා වන්දනා කිරීමට බැතිමතුන්ට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

නල්ලතන්නිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන නමුත් එවැන්නක් වාර්තා වී නොමැති බවත් සාවද්‍ය පුවත් සමාජගත නොකරන ලෙස තමන් වහන්සේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ධම්මදින්න නාහමියෝ පැවසූහ.
රාජ්‍ය නායකයා ජනතාව පැත්තෙන් බලා තීන්දු තීරණ ගන්නා බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවද උන්වහන්සේ කීහ.

වන්දනාවේ පැමිණෙන අය තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී පැමිණිය යුතු බවට තීරණයක් ගනු ලැබුවේ සියලු දෙනාගේ යහපත පිණිස බවත් එමඟින් යම් අසනීප තත්ත්වයක් පවතින අයගේ පැමිණීම වැලකෙන බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ප්‍රකාශ කළහ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -