32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

වසර ගණනාවක් තිස්සේ උල් දියෙන් අපා දුකක් විඳින සුමංගල පුර මිනිස්සු

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

   වසර ගණනාවක් තිස්සේ වර්ෂා කාලයේ දී උල්දිය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව අසරණ තත්ත්වයට වැටී ඇති පවුල් කිහිපයක් දඹුල්ල සුමංගලපුර    හතරවැනි පටු මගේ ජීවත්වෙති.

මෙම නිවෙස් වල එළිමහනේ මෙන්ම නිවෙස් ඇතුලත වැසි සමය සමඟ දැඩිඋල්දිය තත්ත්වයක් පැවතීම නිසා කටුමැටි බිත්ති කඩා වැටීම සහ අනිකුත් නිවාස කඩාවැටීමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි එම ජනතාව පෙන්වා දෙති.

2021 ආරම්භක දිනයේම එක නිවස පිටුපස කොටස සම්පූර්ණයෙන්ම පෙරළී යාම හේතුවෙන් එම ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

වසර ගණනාවක සිට මෙම ජනතාව උල්දිය හේතුවෙන් වැසිකිළි කැසිකිළි පහසුකම්  ලබා ගැනීමට අපහසු වීම, විවිධ ලෙඩ රෝග වලට නතු වීම ,නිරන්තරයෙන් නිවෙස් තුළ පවා ජලය ගලා ඒම , පාද වල ඇගිලි කරු තුවාලවීම ,ආදී හේතුවෙන් දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වීම නිසා මානසික පීඩනයකට ලක්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මෙම උල්දිය හේතුවෙන් සුමංගලපුර  4 වෙනි පටුමගේ නිවාස ගණනාවකම ඇතුළත මහපොළොවට  බිමට ඇතැම් අය ඉටිරෙදි  එලා තිබේ. තවත් කණ්ඩායම් ප්‍රදේශයේ විවිධ ලෑලි කැබලි සහ ගෝනි පඩංගු නිවාස නිවස තුළ එලාගෙන සිටියද ඒ මතින් ඉදිරියට එන උල්දිය වතුර නිසා මෙම පිරිස පීඩනයකට පත්ව සිටිති.

මෙම ගැටළුවට විසඳුමක් ලබා දෙන්නැයි වසර ගණනාවක සිට බලධාරීන්ට දැනුවත් කළ ද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බව ඔවුහු පවසති.

කඩා වැටුණු නිවසේ හිමිකාරිය කියා සිටියේ තමා ගේ නිවස කඩා වැටීමෙන් පසුව වසම භාර ග්‍රාම නිලධාරීවරයාට දැනුවත් කළ බවය.  තමාට කඩාවැටුණු නිවසේ ඡායාරූපයක් රැගෙන එය ලබා දෙන්නැයි දැනුම්දුන් බව පැවසුවාය.

 මෙම ප්‍රදේශයේ පදිංචිව සිටින කුඩා දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද මෙය මහත් සේ බාධාවක්ව පවතින බව එම දරුවෝ පෙන්වා දෙති.

දිවා රාත්‍රී දෙකෙහිම මේ  හේතුවෙන් පීඩාවිඳින මෙම ජනතාවට කඩිනමින් බලධාරීන්ගේ අවධානය යොමු කොට සහනයක් ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.

මෙම නිවාස කඩා වැටීම සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය  මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමාට මේ පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවත් කෙසේවෙතත් කඩිනමින් ග්‍රාම නිලධාරිවරයා එම ප්‍රදේශයට යවා වාර්තාවක් ලබාගෙන ඒ සඳහා විසඳුමක් ලබා දීමට හැකි බව ය.

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -