

කොරෝනා වෛරසය රට පුරා ශීඝයෙන් ව්‍යාප්ත වීමත් සමග රටේ ස්වයං රැකියා ක්ෂේත්රය ආශ්‍රිතව නියැලෙන්නද ආර්ථිකමය වශයෙන් කොරෝනාව හේතුවෙන් දැඩි ලෙස පීඩාවට ලක්ව සිටිති.
එසේ පීඩාවටපත් පිරිස් අතරේ රසකැවිලි නිෂ්පාදනයේ යෙදෙන කුඩා පරිමාණ බේකරි හිමියන් පිරිසක් ගැන අපට පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයෙන් වාර්තාවේ.
වසර 30ට ආසන්න කාලයක් ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන ආ තම කුඩා පරිමාණ බේකරි තුළ නිෂ්පාදනය වන ස්විට් වර්ග මෙන්ම අනෙකුත් නිෂ්පාදන නව කොරෝනා වෛරසය හේතුවෙන් අලෙවි කර ගැනීමට නොහැකිව යාම හේතුවෙන් ආර්ථිකමය වශයෙන් පාඩු ලබන බව කියයි.
රස කැවිලි නිෂ්පාදනය කලද ඒවා වෙළදසැල් වෙත රැගෙන ගොස් අලෙවි කිරීමට නොහැකිව ආපසු රැගෙන ඒමට සිදුව ඇති බවට මොවුන් මැසිවිලි නගති.
තවද මෙම කුඩා කර්මාන්ත තුළ සේවයේ යෙදෙන කම්කරුවන් හට වැටුප් ගෙවීමට තරම් ලාභයක් මේ දිනවල නොලැබීම හේතුවෙන් කම්කරුවන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීමත් සමග තම නිෂ්පාදන නිෂ්පාදනය කිරීමටද නොහැකි බවයි මොවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
එපමණක් නොව මේ දිනවල රටේ බලපවත්නා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් සහ නීති රීති අනුව තමන්ගේ නිෂ්පාදන සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබා ගැනීමද අති දුෂ්කර ක්‍රියාවක් බව බේකරි හිමියන් පෙන්වා දෙයි.
තවද ජනතාව අතර, පවතින මතය අනුව මෙලෙස බේකරි ආශ්‍රිතව නිෂ්පාදනය කරනු ලබන රස කැවිලි පාරිභෝගිකයින් මිලදී ගැනීමෙන් වැළකීම හේතුවෙන් තමන් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදන ඉතාමත් අල්ප වශයෙන් අලෙවි කිරීමට සිදුව ඇති බව කියයි.

