

ශ්රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ක්රිකට් කණ්ඩායම පසුගියදා දෙවන වරටත් PCR පරීක්ෂණ සඳහා යොමු කළේය.
ඔවුන්ව PCR පරීක්ෂණ සඳහා යොමු කළේ, එම කාණ්ඩායමේ සාමාජිකයෙකු වන මොයීන් අලි කොවිඩ් ආසාදිතයෙකු ලෙස සඳුදා හඳුනාගැනීමෙන් අනතුරුවය.
එම සිද්ධියෙන් පසුව හම්බන්තොටදී එංගලන්ත ක්රිකට් කණ්ඩායම නැවතවරක් PCR පරීක්ෂණ සඳහා යොමු කළේය.
එම ප්රතිඵල අනුව අනෙක් කිසිදු ක්රීඩකයෙක් ආසාදිත නොවන බවට වාර්තා වේ.
ඒ අනුව, ඔවුන්ට පුහුණුවීම් කටයුතු ඇරඹීමට අවසර දී ඇති අතර තෙවැනි වරටත් ඔවුන්ව හෙට (07) PCR පරීක්ෂණයක යොමුකිරීමට නියමිතය.

