32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

කොරෝනාවෙන් බැටකන සීගිරියේ සංචාරක කර්මාන්ත කරුවෝ

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

ගොල්ල වැඩි වෙලා කෙල්ල කණවැන්දුම් උනා වගේ සංචාරක කර්මාන්තයට සිදුවී ඇතැයි සීගිරියේ සංචාරක කර්මාන්ත කරුවෝ පවසති.

සීගිරිය ප්‍රදේශයේ 90% පමණ ජනතාව සංචාරක කර්මාන්තයෙන් සිය ජීවිකාව පවත්වාගෙන ගියද මේ වන විට ඔවුහු බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පා ඇතැයි කියති.

ඔරු සෆාරි , කරත්ත සෆාරි, අලි සෆාරි ,සහ කැටයම් කලාව, කාමර ලබාදීම, සහ තැඹිලි ගෙඩියක අලෙවිකරණ පුද්ගලයාගේ සිට  සංචාරක මගපෙන්වන්නා දක්වාම දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඔවුහු පවසති.

ඇතැමුන් කරත්ත සෆාරි කරුවන් තම කරත්තවල බැඳි ගොනුන් මස් කඩවලට අලෙවි කර  ඇති බවත් කරත්ත සියල්ල දිරාපත් වී ඇති බව පවසති .ඇතැම් අය තමන්ට හැකි පමණින් එම සතුන් රැක ගනිමින් ද සිටිති.

අලි සෆාරි සිදුකරගෙන යන පුද්ගලයන් කියා සිටියේ මසකට රුපියල් අසූ දාහක් ලක්ෂයක් ආසන්න මුදලක් අලින් ජීවත් කරවීම සඳහා වියදම් යන බවය.

දැඩි ලෙස පාළු  නගරයක් බවට සීගිරිය මේවනවිටත් පත්වී හමාරය.

ත්‍රී රෝද රථ රියදුරන් තවමත් සීගිරි ගල ඉදිරිපිට කුඩා ගල් කැබලි වල වාඩිවී විදේශිකයෙක් එනතුරු බලා සිට නැවත සුසුම් හෙලමින් නිවෙස්වලට යන බව පවසති.

කැටයම් කර්මාන්තකරුවෝ මෙවනවිට කුලී වැඩ වල් වලට ගොස් ජීවත් වෙන බවත් කිසිදු ආදායමක් නොමැතිව සියලු දෙනා අසරණ බවට පත්ව ඇතැයි ඔවුහු කියති.

 දේශීය සංචාරක කර්මාන්තය හෝ නගාසිටුවීම එසේත් නොමැති නම් මෙම සංචාරක කර්මාන්ත කරුවන් හට ජීවත්වීම සඳහා කුමන හෝ වැඩපිළිවෙළක් රජය මඟින් ක්‍රියාත්මක කළ යුතු බව සංචාරක කර්මාන්තයේ නියැලුන  ජතාව කියා සිටිති.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -