32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

දෙවියන්ට ජීවය දෙන්නෝ දෙවියන්ගෙන් ජීවය යැදීයි

Must Read

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

දෙවියන්ට ජීවය දෙන්නෝ දෙවියන්ගෙන් ජීවය යැදීමේ පුවතක් අපට වාර්තා වන්න් පුත්තලම, සිරම්බිඅඩිය ප්‍රදේශයෙනි. ඒ සුරුවම්, බුද්ධ ප්‍රතිමා, සහ විසිතුරු නිර්මාණ කරයේ නියැලෙන්නන්ගේ කදුළු කදුළු වචන වලට පෙරළිමත් සමගය.

ප්ලාස්ටර් ෆැරිස් යොදා ගනිමින් දේව ප්‍රතිමා, බුද්ධ ප්‍රතිමා, විසිතුරු නිර්මාණකරණයේ යෙදෙමින් ස්වයං රැකියාවක් සේ සිය කර්මාන්තය දැනට වසර 12ට ආසන්න කාලයක් සිට පවත්වාගෙන යනු ලබන බව කියයි.

නමුත් මේ වන විට සිය කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වැටීමේ ඛේදණිය ඉරණමකට මුහුණ දෙමින් සිය කර්මාන්තයෙන් ඉවත්ව යාමේ තත්ත්වයකට පත්ව සිටින්නේ තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී සිදුවන අපහසුතාවන් නිසාවෙනි.

මෙම පිළිම නිෂ්පාදනය සදහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සැලකෙන ප්ලාස්ටර් ෆැරිස් සහ මෙලෙස නිෂ්පාදනය කරනු ලබන පිළිම වරණ කිරීම සදහා යොදා ගනු ලබන ඩයි වර්ග මොවුන් සපයා ගනු ලබන්නේ විදේශිය රටවල සිට ආනයනය කරනු ලබන ඒවා ඒම මෙම කර්මාන්තයේ දක්නට ලැබෙන විශේෂත්වයක්ව තිබේ.

නමුත් පසු ගිය වසරේ සිට මේ දක්වා පවතින ගෝලීය වසංගත තත්ත්වයත් සමග විදේශිය රටවලට සිට ආනයනය කරනු ලබන මෙම අමුද්‍රව්‍ය නොමැතිකම නිසාවෙන් කර්මාන්තයේ නිෂ්පාදන සියල්ල නැවතී ඇති බව කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.

තවද පසු ගිය වසරේ අප්‍රේල් මස 21 වන කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිමින් ඇතිවූ කුරිරු පාස්කු ප්‍රහාරයත් සමග කතෝලික භක්තිකයින් දේවස්ථාන වෙත යාමේ විශාල අඩුවක් දක්නට ලැබීම නිසාවෙන් තමන් විසින් නිෂ්පාදනය කරනු ලබන දේව ප්‍රතිමා අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවට ඔවුන් මැසිවිලි නගති.

දැනට මොවුන් විසින් කරනු ලබන නිෂ්පාදන අතරේ කතෝලික ආගම හා බැදුන දේව ප්‍රතිමා මෙම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ලෙස නිෂ්පාදනය කිරීම සිදුවේ.

මෙලෙස මොවුන් විසින් නිෂ්පාදනය කරනු ප්‍රතිමා උතුරු නැගෙනහිර මධ්‍යම දකුණට සෘජුව අලෙවි කරන අතර, ඉන් කොළඹ කොච්චිකඩේ, කටුවාපිටිය, රාගම තේවත්ත පල්ලිය, මඩු සිද්ධස්ථානය, තලවිල ආදී ප්‍රධාන පෙලේ පූජණිය ස්ථාන වෙත සපයනු ලබන බව කියයි.

මෙම කර්මාන්ත ලංකාවේ දැනට සීමිත ප්‍රමාණයක් පමණක් සිදුකෙරෙන අතර, මෙමගින් ලංකාවේ ලක්ෂ පහකට ආසන්න පිරිසක් වක්‍රව ප්‍රථීලාභ ලබන බව කියයි.
අතීතයේ මෙම ප්ලාස්ටර්ෆැරිස් නිපැයුම් ප්‍රංශය, ඉතාලිය, ඉන්දියාව ආදි රටවලින් ආනයනය කලද දැනට ලංකාවේ මෙම නිෂ්පාදනය සදහා කර්මාන්ත පිහිටා ඇතත් ඒ සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය තවමත් එකී රටවල් වලින් ආනයනය කිරීමට සිදුව තිබීම සිය කර්මානත කරුවා මුහුණපාන ප්‍රධාන ගැටළුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ.

සිය කර්මාන්ත කරුවන් රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තම නිෂ්පාසන සදහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රවය රජය යටතේ පවරා ගෙන විදේශිය රටවලින් ආනයනය කිරීමට කටයුතු සම්පාදනය කනරන්නේ නම් නුදුරේදී කණකොක් හඩන ලබන මේම කර්මාන්තය නගා සිටුවීමට හැකි වන බවයි. පසු ගිය වර්ෂයන් වල පැවති රජයන්ගෙන් කුඩම්මාගේ සහය නිරායාසයෙන්ම මෙම කර්මාන්තයට ලැබීම නිසාවෙන් අදටත් කර්මාන්තකරුවා දැඩි අපහුතා රැසකට මුහුණපා ඇති බවට ඔවුන් මැසිවිලි නගති.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...
- Advertisement -

More Articles Like This

- Advertisement -