

දිවයිනේ බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු දහම් පාසල් අද (17) ආරම්භ වූ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේද ඒ අයුරින්ම දහම්පාසල් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් දහම්පාසල් වල අධ්‍යාපන කටයුතු සිදුකරනු ලැබූ අතර නමුත් දිස්ත්‍රිකයේ බොහෝ දහම්පාසල් සදහා සිසුන්ගේ පැමිණීම ඉතා අඩුමට්ටමක පැවතුණි .
හම්බන්තොට ශ්‍රී පේමානන්ද දහම්පාසල හම්බන්තොට ශ්‍රී පේමානන්ද දහම්පාසල
එමෙන්ම අම්බලන්තොට උතුර සහ නැගෙනහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයන්හි දහම්පාසල් ආරම්භය දහම්පාසල් ප්‍රධානාචාර්යවරුන් හා විහාරාධිපති හිමි වරුන් සමඟ කළ සාකච්ඡාවකට අනුව එම බල මණ්ඩලයන්හි දහම්පාසල් 56ය ආරම්බකර නොමැති බවත් පෙබරවාරි 07 වනදින එම දහම්පාසල් ආරම්බකරන බවත් අම්බලන්තොට නැගෙනහිර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී මාලිගාතැන්නේ ධම්මකිර්ත්ති හිමියෝ කියා සිටියේය.