32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අම්බලන්තොට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 34 දක්වා ඉහලට – සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යට කරුණු වසන් කරයි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

අම්බලන්තොට උතුර ග්‍රාමනිලධාරී වසමේ මැලේකොලනිය ප්‍රදේශයෙන් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 34 දක්වා ඉහල ගොස් තිබේ.

පසුගිය දින කීපය පුරාවට ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 22 දෙනකු පමණ වාර්තාවීමත් සමඟ පසුව සිදුකරනලද PCR පරීක්ෂණ ප්‍රතිපල අද (21) ලැබී ඇති අතර එහිදී තවත් පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) හදුනාගැනීමට ලැබී තිබේ.

කෙසේ නමුත් පවතින තත්වය හමුවේ ප්‍රදේශයේ වගකිවයුතු සෞඛ්‍ය අංශ බලධාරීන් රෝගය පැතිරීම වැලක්වීමට නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැතිබව ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. ඔවුන් කියා සිටින්නේ අවදානම් සහගත ප්‍රදේශයේ සිට පුද්ගලයින් නිරන්තරයෙන් අම්බලන්තොට නගරයට පැමිණෙන බවත් ඉන් මෙම වෛරෂය තවත් පිරිසකට වැළදීමේ සම්භාවිතාව වැඩි බවයි . එවන් අයුරින් පුද්ගලයින් කීපදෙනෙකු හට වෛරෂය වැලදී තිබෙන බවද ජනතාව චෝදනා කරති.

කෙසේනමුත් සෞඛ්‍ය ආරක්ෂිතව සිටීමට මෙන්ම තම කටයුතු පිළිබද වඩා සැලකිලිමත්වීමට ජනතාවට ප්‍රදේශයේ තත්වය පිලිබඳ සත්‍ය දැනගැනීමේ අයිතියද ඇති නමුත් අදාළ සෞඛ්‍ය අංශ බලධාරීන් එම තොරතුරු මාධ්‍යට පමණක් නොව බොහොමයක් රාජ්‍ය ආයතන වල ප්‍රධානින්ගෙන්ද වසන්කරන බව නිලධාරීන් කීපදෙනෙකු කියා සිටියේය.

– Advertisement –

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -