

අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයට (22) උදේ සිට සංචරන සීමා පැනවීමට තිරණය කල බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා කිය.
එම ප්‍රදේශයෙන් මේවන විට කොවිඩ් ආසාධිත පුද්ගලයින් 34 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් කොවිඩ් මධ්‍යස්ථානයේ උපදෙස් වලට යටත්ව දැනට සංචරන සීමා පනවා ඇති අතර හුදකලා කිරීම සම්බන්දයෙන් ඉදිරියේ දී තීරණය ගැනීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම් වරයා කීය.

අම්බලන්තොට නගරයට ආසන්න ගම්මානයක් වන හෙයින් හා නගරයේ සති පොල පැවැත්වෙන හෙයින් මහජනතාවගේ යහපත උදෙසා මෙම තීරනය ගත් බවද දිස්ත්‍රික් ලේකම් වරයා සදහන් කලේය.
මැලේකොළණිය ප්‍ර දේශයේ මේවන විට පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් එක්ව සංචරන නීති ක්‍රියාත්මක කරමින් ස්තාන හයකින් එහ ප්‍රදේශයට ඇතුල්වීම සීමා කර ඇති අතර අල්අක්බාර් විදුහලද වසා දැමීමට කටයුතු කර ඇත.

– Advertisement –

