

හම්බන්තොට මහරෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරීන් දෙදෙනෙකු සහ සුළු සේවකයින් දෙදෙනෙකු හට මේවනවිට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතිබව රෝහල් අධ්‍යක්ෂක එස්,ඩි ,යු ,එම් ,රංග මහතා කියා සිටි.
මිට දින 08 කට පමණ පෙර රසායනාඝාරයේ සේවය කරනු ලබන සුළු සේවිකාවක් සදහා කොරෝනා වෛරසය අසාධනය වී ඇති අතර පසුව රෝහලේ 18 වාට්ටුවේ සේවයකරනු ලැබූ හෙද නිලධාරියෙකු හටද කොරෝනා වෛරසය අසාධනය වී ඇතිබවට තහවුරු වී තිබේ. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සේවය කරනු ලබන එම හෙද නිලධාරිවරයාගේ බිරිද හටද කොරෝනා වෛරසය අසාධනය වී ඇතිබවට තහවුරු වීමත් සමඟ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පත්වනු ලැබූ පුද්ගලයින් කීපදෙනකු PCR පරීක්ෂණ සදහා යොමුකර තිබේ.
ඒ අනුව අද(25) ලැබුණු එම PCR පරීක්ෂණ ප්‍රතිපල අනුව ශල්‍ය වාට්ටුවේ සේවය කරනු ලැබූ තවත් හෙදනිලධාරිවරයෙකු හට කොරෝනා වෛරෂය වැලදී ඇතිබවට තොරතුරු අනාවරණය වී තිබේ . හම්බන්තොට පාසලකට 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාල හෙද නිලධාරී වරයාගේ දරුවා පාසලට ඇරලවිම සදහාද මෙම හෙඳ නිලධාරිවරයා ගොස් තිබෙන බව වාර්තාවේ.
– Advertisement –

