

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීමත් සමඟ එළවළු මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
පසුගිය දින කීපයේම දිවයින පුරා ඇදහැළුණු වර්ෂාපතනය හේතුවෙන් එළවළු වගාවන් විශාල වශයෙන් විනාශ වී ගිය බවත් ඉතිරි වී ඇති ඉතා සුළු එළවළු ප්‍රමාණයට අධික මිලක් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති .
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 27 දින පෙරවරුව වන විට කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.
බෝංචි 220 -250 ගෝවා 50 ත් 60 ත් අමුමිරිස් 750ක් 1000 ක් ලීක්ස් 110- 150 ත් දඹල 150ත් 160ක් කරවිල 280 -300 ත් කැරට් 220- 350ත් වට්ටක්කා 150- 170 මාළුමිරිස් 280- 300 පිපිඤ්ඤා 55 ත් 60 ත් වම්බටු 210 -240 මෑ කරල් 150 – 160 ලීක්ස් 180 ත් 200 ත් පතෝල 170 -180 වැටකොළු 170 -180 එළබටු 200-220 නොකොල් 140 ත් 150 ත් අතර මිලයකට අලවි වන බව වෙළෙන්දෝ කියති .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් කියා සිටියේ කාලයකට පසු මෙයාකාරයෙන් එළවළු මිල වැඩි වී ඇති බව ය. මීට වඩා වැඩි මිල ගණන් යටතේ සිල්ලරට එළවළු කිලෝවක් පාරිභෝගිකයන්ට ලබා ගැනීමට සිදුව තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් කියා සිටියේ එළවළු රැගෙන ගොස් සිල්ලරට අලවි කිරීම ඉතා අපහසු බවය .එනිසා ඉතා සීමිත ප්‍රමාණයක් රැගෙන යන බවද ඔවුන් පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා ගෙන් එළවළු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් විමසීමේදී කියා සිටියේ සාමාන්‍ය පරිදි එලවලු වගාවන් අස්වැන්න නොලැබීම මිල ඉහළ යෑමේ තත්ත්වය උදාවී තිබෙන බවය . පිට පළාත්වලින් පැමිනෙන වෙළෙන්දෝ හැකි ඉක්මනින් එළවළු මිල දී ගෙන පිටත්ව යෑම මිල ඉහළ යෑම සඳහා තවත් හේතුවක් වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම එළවළු වගා කොට ඇති ගොවින් කියා සිටියේ අක්කර ගණනාවක් වගා කළ ද වතුරට විනාශ වී ඉතිරි වී ඇත්තේ එක ලියද්ද දෙකක් වැනි ඉතා සීමිත ප්‍රමාණයක් බව ය .එම සීමිත ප්‍රමාණය නිසා යම් මට්ටමකින් වියදම හෝ පියවා ගැනීමට හැකි බවය .
– Advertisement –

