32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

මන්ත්‍රී වරයා තරුණ තරුණියන්ට ආමන්ත්‍රණය කරද්දී තරුණ තරුණියන් ජංගම දුරකතනයේ අතරමන්වෙලා

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

  ක්‍රීඩා අමාත්‍යංශය මගින් ලබාදුන් කාය වර්ධන මධ්යස්ථානය  තරුණ තරුණියන්ට දායාද කරන අවස්ථාවේදී බොහෝ තරුණ තරුණියන් උත්සවය අමතක කොට ජංගම දුරකථනයට අවධානය යොමු කිරීම පිළිබඳව එහි  ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය කනගාටුව ප්‍රකාශ කළේ.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයිනේ සෑම පළාතකම කායවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ මධ්‍යම පළාත් කායවර්ධන මධ්‍යස්ථානය මාතලේ නාඋල පොදු ක්‍රීඩාංගණයේ 29 දින ආරම්භ කෙරිණි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සුබ මොහොතින් කායවර්ධන මධ්‍යස්ථානය  තරුණ තරුණියන්ට බාර දීම සිදුකර පසුව ජාතික තරුණ සේවා සභාව ප්‍රාදේශීය සභාව ආදී රාජ්‍ය ආයතන එකව  ඉතා කෙටි රැස්වීමක් සූදානම් කරමින් තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ කාය වර්ධනයේ වැදගත්කම පිළිබඳව කතා කරන්නට වූහ.

එම අවස්ථාවට එක්ව සිටි මාතලේ දිස්ත්‍රික්කයේ බොහෝ තරුණ තරුණියන්  රැස්වීම සහ එහි අදහස් දැක්වූ නිලධාරීන්ගේ අවධානයට යොමු  නොකොට තම තමන්ගේ ජංගම දුරකථන වල අවධානය යොමු කරමින් සිටින අයුරු එහි සිටි බොහෝ දෙනා  මෙන්ම ආරාධිත අමුත්තා ලෙස පැමිණි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ද  අවධානයකට යොමු වී තිබිණි.

තරුණ තරුණියන් අමතා අවවාද අනුශාසනා ලබා දුන් බොහෝ දෙනා ඔවුන්ගේ කතා  ඉතා කෙටියෙන් නවතා දැමුවේ ද එහි සිටි තරුණ තරුණියන්ගේ කිසිදු අවධානයක් ඒ සඳහා යොමු නොවීම නිසාවෙනි.

පසුව සභාව ඇමතූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ තමන්ට ද කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බවය. ඔවුන් දෙදෙනා හට ජංගම දුරකථන දෙකක් ලබාදුනහොත් ඕනෑම දෙයක් සිදු කළ හැකි බව ය. එහෙත් මෙම සභාවේ සිටින තරුණ තරුණියන් බොහෝදෙනාගේ අවධානය උත්සව සභාවට වඩා ජංගම දුරකථනය කෙරෙහි යොමු කළ බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ඕනෑම දෙයක් සීමාව ඇතිව සිදු කළ යුතු බව ය.

 එසේ නොවුණහොත් තරුණයන්රටට අවැසි තරුණයන්ට ප්‍රශ්න රැසක් රටක් හැටියට මුහුණදෙන බව ය. එමෙන් ම පෙරදා තරුණයන්ට මෙවැනි අත්දැකීම් නොතිබුණු බවත් පෙන්වා දුන්නේය.  ක්‍රිඩාව ජාති ආගම් භේද නොසලකා සියලු දෙනා එකතු කරන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය. මෙම ස්ථානයේ ජංගම දුරකථන භාවිතා කරමින් කිසිදු අවධානයක් රැස්වීම කෙරේ යොමු නොකරන බව ‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා කියන අවස්ථාව වන විටත් එහි සිටි තරුණ තරුණියන් ජංගම දුරකථනයට අවධානය යොමු කරමින් සිටීම විශේෂත්වයකි.

– Advertisement –

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -