32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

දඹුල්ලට අලුත් රෝහලක් හදන්න දඹුලු විහාරයෙන් ඉඩමක්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

දඹුල්ල  නගරයට  අංගසම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීම සඳහා ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථානය සතු අක්කර 5 ක භූමි ප්‍රමාණයක් රජයට බාරදීම 29 දින පස්වරුවේ සිදු කෙරිණි.

ඒ අනුව ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථානයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල  නාහිමියන් විසින් දඹුල්ල රජ මහා විහාරස්ථානය පිටුපස අක්කර පහක  බිම්  කොටස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත පෙන්වා දීම සිදුකරන ලදී .

දඹුල්ල නගරයේ මධ්‍යයේ පිහිටා ඇති රෝහල දැඩි කලබලකාරී නගරයක් නිසා පවත්වාගෙන යෑම ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා අසීරුතාවයකට පත්ව සිටි අවස්ථාවක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමක් පරිදි දඹුලු රජමහ විහාරස්ථානය සතු මෙම වටිනා ඉඩම රෝහල සදහා පරිත්‍යාග කිරීමට තමා තීරණය කළ බව ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානය ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල හිමියෝ පවසති.

අමාත්‍යවරයා මුලින්ම නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සමග දඹුලු විහාරය ආසන්නයේම පිහිටි මෙම වටිනවා භූමිය නැරඹීම සඳහා පිටව ගිය අතර අග්‍රාමාත්‍යවරයා සමග සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා මහත්මිය සමඟ සාකච්ඡා කොට ජාතික රෝහලක් මෙම ස්ථානයේ ඉදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය,

දැනට  දඹුල්ල රෝහල පිහිටි  මධ්‍යය භූමිය ඉදිරියේදී යම් කිසි වානිජමය කටයුත්තකට හෝ වෙනත් කටයුත්තක් අවස්තාව අනුව  ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -