32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

කොරෝනාවේ බලපෑමෙන් වනාතවිල්ලුව ගගේවාඩිය සංචාරක පුරවරය අකර්මන්‍ය වේ

Must Read

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව

ලෝකයේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය තාක්‍ෂණය සොයාගනු ලැබූයේ 1956 වසරේදීය.  නීතිමය පදනමක්‌ද සහිතව වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ශ්‍රී ලංකාවේ මුලින්ම කරන ලද්දේ...

ගෝලීය කොවිඩ් ආසාදිතයන් යළි ඉහළට

සති හතකට පසු ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.එම තත්ත්වය විස්මයට...

රට පුරා පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ රටේ වෙසෙන සෑම පුද්ගලයෙකුගේම සෞඛ්‍යය මෙන්ම ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙන මොහොතක කොරෝනාවේ බලපෑමෙන් වනාතවිල්ලුව ගගේවාඩිය සංචාරක පුරවරය සම්පූර්ණයෙන් අක්‍රර්මණය වී ඇති බවට සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව නියැලෙන්නන් මැසිවිලි නගති.

2014 වසරේ මුල් භාගයේදී විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසීම සදහා එළුවන්කුලම ප්‍රදේශයෙන් ස්ථාපිත කල නව පිවිසුම් දොරටුවේ ආරම්භයත් සමග 2015 වසරේ සිට වනාතවිල්ලුව පුරවරය සංචාරක පුරවරයක් බවට පර්වරතනය වන්නට විය.

ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින්ගේ සොදුරු පාරාදීසයක් සේම නව තෝතැන්නක් ලෙස ගගේවාඩිය සංචාරක කර්මාන්තය එයට කදිම නිදසුනක් විය. ඒ සමගම වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාව මගින් ගගේවාඩිය ප්‍රදේශය ඉල්ලක කර ගනිමින් විල්පත්තුව නේචර් රීසෝට් නමින් දෙස් විදෙස් සංචාරකයින්ගේ සුව පහසුව සදහා නව නිවාඩු නිකේතනයක් ස්ථාපිත කරන්නට විය.

ඒ සමගම විල්පත්තුව ජාතික වනෝද්‍යානය ඉලක්ක කර ගනිමින් තවත් බොහෝ පිරිසක් විසින් මේ වන විට නිවාඩු නිකේතන 15ට ආසන්න ප්‍රමාණයක් ඇතුළුව සෆාරි ජීප් රථ 15ට ආසන්න ප්‍රමාණයකින් සැදුම් ලත් සංචාරක කර්මාන්තයේ ආරම්භ මේ දක්වා සිදු කරගෙන යනු ලැබේ.
මෙම නිවාඩු නිකේතන ඉලක්ක කර ගනිමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට පැය දෙකක් වැනි කෙටි කාලයකින් විදේශිය සංචාරකයින් පසු ගිය වර්ෂයන් වල වැළ නොකැඩී ඇදෙන්නත්, ඔවුන්ගේ ආකර්ශණය නොඅඩුව ලැබෙන්නටත් ගගේවාඩිය ආශිර්වාදයක් බවට නතු වන්නට වූ සුවිශේෂි විශේෂත්වය වනුයේ. කල්පිටිය අර්ධද්වීපයේ පිහිටා ඇති දූපත් සමූහය සේම කොරල්පර, ඩොල්ෆින්, කඩොලාන නැරඹිමේ පහසුව මෙන්ම ගගේවාඩිය සංචාරක පුරවරය තුළ ජල ක්‍රීඩාව සහ වන ජීවි අත්දැකීම ඔවුන්ට එකවරම ලබා ගැනීම හේතුවෙනි.

ජර්මන්, ඔස්ට්‍රේලියන්, එංග්ලන්ඩ්, ස්විඩන්, ඇමරිකන් වැනි රට වල සිටින විදේශිය සංචාරකයින් බහුතරයක් ගගේවාඩිය සංචාරය සදහා එක්වීම නිරායාසයෙන්ම සිදුවන අතර, එසේ පැමිණෙන සංචාරකයින්ට ජලය සහ වන ජීවි යන අත්දැකීම සුවසේ විදීමට ඇති එකම පාරාදීසමය සංචාරක පුරවරය ලෙස මෙය නිර්ලෝභිව නම් කල හැකිය.

එසේ පැමිණෙන බහුතරයක් සංචාරකයින් බෝට්ටු සෆාරි ඔස්සේ වසර දහස් ගණනක් ඉපැරණි අලි ගස නැරඹීමට දැඩි ලෙස ප්‍රිය කරන අතර, පසුව කලා ඔය කලපුවට එක්වන ස්ථානයේ සිරිනරඹා කලා ඔයට බැස දිය නාන මෙවුන් අනතුරුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරය සදහා එක්වන්නේ එළුවන්කුලම පිවිසුම් දොරටුවෙනි.

එහිදී විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් දිවියා, ඇතා, වළසා, ඇතුළු විශේෂිත වූ කුරුළු වර්ග, උරගයින්, සිව්පාවුන් ආදි ජෛව විවිධත්වයකින් සැදුම් ලත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දීර්ඝ සංචාරය සදහා එක්වන බව කියයි.
මේ සංචාරක පුරවරයට පසු ගිය වසරේ අප්‍රේල් මස එල්ලවූ පාස්කු ප්‍රහාරය දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් සිටියදී කොරෝනාව ඊට නොදෙනිව හිස ඔසවන්නට වීමත් සමග අද වන විට ගගේවාඩිය සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් වළපල්ලට වැටී ඇති බවට කර්මාන්ත කරුවෝ මැසිවිලි නගති.

ඒ හේතුව නිසාවෙන් මේ වන විට සෘජු සහ වක්‍ර ලෙස සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නියෙලෙමින් මුදල් උත්පාදනය කරනු ලබන 1500ට ආසන්න පිරිසකගේ ආර්ථිකයටද සෘජු බලපෑම් එල්ල වී ඇති බවට කර්මාන්තය ආශ්‍රිතව යැපෙන්නන් මැසිවිලි නගති.

ඔවුන් රජයේ බළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ දිනෙන් දින වැසී යන සංචාරක කර්මාන්තය නගා සිටු වීමට විදෙස් සංචාරකයින්ට නැවතත් ලංකාවට පැමිණිමට අවසරය හා අනුමැතිය ලබා දීමට කටයුතු කරන ලෙසය. එසේ තව දුරටත් විදේශිකයින් මෙරටට නොපැමිණෙන්නේ නම් නුදුරේදී සංචාරක කර්මාන්තයට කණ කොකා හඩන්නා සේම අපගේ ප්‍රෞරාණික වැදගත්කමකින් සමන්විත ස්ථාන සේම සංචාරකයින්ගේ මනදොළ පිනවන සොදුරු ස්ථාන වැනසී යාමේ තර්ජනයකට නතුව විනාශයට ලක්ව යාම හේතුවෙන් ඉදිරියට සංචාරක කර්මාන්තයක් වනාතවිල්ලුවෙන් දක්නට නොලැබෙන බවයි.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...
- Advertisement -

More Articles Like This

- Advertisement -