32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

මානව හිමිකම් කොමිසමේ නියෝග ක්‍රියාත්මක නොකළ ආයතන සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනුකරණවා

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොකිරීම අපහසායක් ලෙස සලකා එලෙස නියෝග ක්‍රියාත්මක නොකළ ආයතන කිහිපයකට එරෙහිව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කරන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් මහචාර්ය විජිත නානායක්කාර මහතා පවසයි.

එලෙස නඩු ගොනු කිරීම බලාපොරොත්තු වන ආයතන මේවන විට හඳුනාගෙන ඒ සඳහා කටයුතු කරමින් සිටින බවද ඒ මහතා කීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ මෙහෙයවීමෙන් මහනුවර පේරාදෙණිය පාරේ එක්ස්එල් ආයතනයේදී 29 දා පැවැති සිවිල් සංවිධාන ක්‍රියාකාරී හමුවකදී කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව අනුව ඉදිරියේදී මානව හිමිකම් කොමිසම මගින් ලබාදෙන තීන්දු බලාත්මක කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම පැවසුවේය.
කොමිසම මගින් ලබාදෙන තීන්දු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛණයේ පවතින හැඩැසකින් රිංගා ඇතැමුන් එම නියෝග ක්‍රියාත්මක නොකර සිටින බවද ඒ මහතා කීවේය.
යම් තීන්දුවක් මානව හිමිකම් කොමිසම මගින් ලබාදුන් පසු ආයතන ප්‍රධානියා එය තමන්ගේ ඉහළ නිලධාරියා වෙත යොමුකර ඔහුගේ අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කළ යුතු බවට චක්‍රලේඛණයේ තිබෙන බවත් පාසැලක විදුහල්පතිවරයෙකුට එවැනි නියෝගයක් කළොත් ඔහු එය අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ යුතු බවත් කී මහචාර්යවරයා ඉන්පසු සිදුවන්නේ අමාත්‍යාංශ ලේඛම්ගේ නියෝගය නොලැබුණු බව කියමින් නියෝගය ක්‍රියාත්මක නොකර සිටීම බවද අවධාරණය කළේය.
වයඹ සහ සබරගමුව පළාත් වල මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාල නොමැති බවත් ඉදිරියේදී සියලු පළාත් ආවරණය වන පරිදි කාර්යාල විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.
ඔන් ලයින් ක්‍රමය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍යය පහසුකම් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසුවේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරීනී කුමුදුනී විතාන මහත්මියද සහභාගි වූවාය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -