32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

නැගෙනහිර ජැටිය සම්බන්ධ සිද්ධි‍යේදි කලින් ඇතිකරගත් කොන්දේසියක් – අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

පාසල් පෙළ ‍පොත් බෙදීම 90% ක් පමණ අවසන් වී ඇති බවත් ඉදිරි සති කිහිපයය තුළ සියලු පොත් බෙදා බෙදීම අවසන් කළ හැකි බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්ව විද්‍යාල, හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා පවසයි.පහේ ශිෂ්‍යත්ව විභාග කඩයිම් ලකුණු මෙතෙක් ලබාදී තිබෙන ආකාරයෙන්ම මෙවරත් ලබාදී තිබෙන බවත් ළමුන්‍ගේ ප්‍රතිපල ඉහළ යෑම නිසා ලකුණු තත්වය ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් ,ඉලක්ක කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිලිබදව පළාතේ අධ්‍යාපන වේදීන් සහ වෘත්තිකයන්ගෙන් අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා කුණ්ඩසාලේ පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පෙරේදා (30) පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ද ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයේදීද ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ජනතාවගේ විශාල සහයෝගයක් ලැබීමෙන් බලයට පත් වූ රජය ජනතාව සතු රජයේ දේපොළ විකිණිම සිදු නොකරන්නේ යන ප්‍රතිපත්තියේ එදත් අදත් සිටි වත් එහි වෙනසක් වෙන්නේ නැති බවත් ඇමැතිවරයා පැවසුවේය.

නැගෙනහිර ජැටිය සම්බන්ධ සිද්ධි‍යේදි කලින් ඇතිකරගත් කොන්දේසි අවබෝධතා ගිවිසුම් මත සියලු දේ සිදුවන බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා, අමාත්‍ය මණ්ඩලය යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගනීවී යන විශ්වාසය පවතින බනත් කී ඒ මහතා එහිදී මේ කරුණ සම්බන්ධයෙන් සියලු සාධක සැලකිල්ලකට ගෙන කටයුතු කිරීම වැදගත් බවද අවධාරණය කළේය.

සම්පත් විකිණිමේදි සමහර අවස්ථාවලදී රටේ ඉඩම් සම්පූර්ණයෙන්ම සමාගම් සඳහා විකුණු අවස්ථා තිබූ බවත් ‍ජැටිය සම්බන්ධ සිදුවීමේදි සිදුවෙන්නේ වරාය අධිකාරිය සම්බන්ධ වෙන සමාගමක් ගොඩ නැගීම බවත් කී ඒ මහතා ඒ සමා‍ගමමේ කොටස් සම්බන්ධයෙන් යම් අදහස් ප්‍රකාශ කිරිම් සිදුවෙන බවද පැවසුවේය.

ඇමෙරිකාව ඇතුළු රටවල ජනතාව කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පීඩාවට හා මියයන පසුබිමක් ඇතිව තිබෙන බවත් එය මානව හිමිකම් කඩවීමක් බවත් කී ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ ‍නොකර අවුරුදු දහයකට පෙර වූ සිදුවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයිය අදහස් දැක්වීම පුදුමයට කරුණක් බවද අවධාරණය කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලිලිත් යූ ගමගේ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -