

කොවිඩ් තත්ත්වයත් සමඟ ජනතාව මුහුණ දී සිටින අසීරුතාව සැලකිල්ලට ගෙන වරිපනම් බදු වැඩි නොකරන ලෙස ජනපති ලේකම්වරයා දැනුම්දී තිබියදීත් මහනුවර මහ නගර සභාව අත්තනෝමතික ලෙස ව්‍යාපාරිකයින් ගෙන් හා නිවාස හිමියන් ගෙන් වාර්ෂිකව අය කරන බදු මුදල් ප්‍රමාණය 2021 වසර සඳහා 25% කින් ඉහළ දැමීමෙන් බදු ගෙවන ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති යසස් චන්ද්‍රසේකර මහතා පවසයි.
මධ්‍යම රජයේ දැනුම්දීමක් මත මෙම වරිපනම් බදු අය කිරීම ඉහළ දැමූ බව නගරාධිපතිවරයා ප්රමුඛ මන්ත්‍රීවරු කිහිපදෙනකු ප්‍රකාශ කළ බවත් නගර සභාව බදු ගෙවන ජනතාව ගැන නොසිතා කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවත් ඒ මහතා කීය.

මහනුවර ඒකබද්ධ වෙළෙඳ සංගම් එකමුතුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (01) මෙම මාධ්‍ය හමුව පැවැත් විණි.එයට මහනුවර සිංහල,දෙමළ හා මුස්ලිම් වෙළෙඳ පෙරමුණු නියෝජිතයි සහභාගි වූහ.
ජනාධිපතිතුමා බදු සහන රැසක් ලබාදී තිබියදී ජනතා බදු මුදලින් නඩත්තු වන මහනුවර මහ නගර සභාව ව්‍යාපාරිකයින් හා බදු ගෙවන ජනතාව බිත්තියට හේත්තු කර ගෙළ තද කිරීමට කටයුතු කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවද උප සභාපතිවරයා කීය.
මහනුවර පමණක් සාමාජික මහත්වරු 1000 ක් පමණ නියෝජනය කරන වෙළෙඳ ප්‍රජාවක් සිටින බවත් ව්‍යාපාරිකයින්ට අමතරව සේවක මණ්ඩලය 25000 ක් පමණ සිටින බවත් කී ඒ මහතා මෙම ව්‍යාපාර නිසා ඍජුව හා වක්‍රව යැපෙන සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසක් පමණ වන බවද අවධාරණය කළේය.
අපි වර්ෂයකට බිලියන 04 ක පමණ බදු මුදලක් ගෙවන බවත් විශාල සේවාවක් කරන ව්‍යාපාරික ප්‍රජාවට මේ ආකාරයෙන් මහනුවර මහ නගර සභාව අකටයුතුකම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
කොවිඩ් තත්ත්වයත් සමඟ කඩා වැටුණු ව්‍යාපාර යළි නගා සිටුවීම සඳහා අවධානම් දරා ගනිමින් ව්‍යාපාරිකයින් කටයුතු කරත්දී ඊට සහය දෙනු වෙනුවට නගර සභාව මේ ආකාරයෙන් බදු මුදල් ඉහළ දැමීමෙන් සිදු වන්නේ ව්‍යාපාරිකයා කබලෙන් ලිපට වැටීම බවද චන්ද්‍රසේකර මහතා පැවසුවේය.
පසුගිය කාලයේදීත් නගර සභාව අත්තනෝමතික ලෙස බදු අය කිරීම් ඉහළ දැමූ බවත් ඒ අවස්ථාවල ව්‍යාපාර හොඳ මට්ටමක තිබුණු නිසා ව්‍යාපාරිකයින් දෙවරක් නොසිතා එම මුදල් ගෙවීමට පියවර ගත් බවත් ඒ මහතා කීය.
ලාභ ලබන එක හීනයක් බවට පත්ව තිබෙන අවස්ථාවක ව්‍යාපාරිකයින් සිතුවේ පසුගිය වසරට වඩා යම් ආකාරයක බදු සහනයක් ලබාදීමට නගර සභාව කටයුුතු කරනු ඇතැයි යන්න බවත් මේ සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡාවක් කිරීමට තීරණය කළ බවත් චන්ද්‍රසේකර මහතා පැවසුවේය.
මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති එම්.ජී චන්ද්‍රසේන මහතා ඇතුළු ව්‍යාපාරිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
– Advertisement –

