32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

මහනුවර දිස්ත්‍රික්කයේ වන අලි ගැටලුවට ස්ථිර විසදුමක් දෙනවා – කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

මහනුවර දිස්ත්‍රික්කයේ වන අලි ගැටලුවට මෙම වර්ෂයේදී ස්ථීර විසදුම් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ රක්ෂිත වලට යාබදව පිහිටි ගම්මාන රැසක් ආවරණය වන පරිදි විදුලි වැට ඉදිකිරීමේ කටයුතු මෙම වර්ෂය තුළ සම්පූර්ණ කරන බවද ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ හසලක,මිනිපේ,උඩුදුම්බර සහ මැදදුම්බර යන ප්‍රදේශ වලට වන අලි තර්ජන එල්ල වන බවත් මේ නිසා ගොවීන් දැඩි අසීරුතාවට පත්වන බවත් ඇමැතිවරයා පැවසුවේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති දිස්ත්‍රික් යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෘෂිකර්මාන්තයෙන් ජීවිකාව කරන ජනතාවට බලපා ඇති විශාලතම බාධාව සත්ව හානිය බවත් රිලා උවදුර සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර විසඳුමක් ලබා දීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
වනජීවී අමාත්‍යංශයට අමතරව වෙනත් මූලාශ්‍රයන්ගෙන් ද ප්‍රතිපාදන හිමිවන බැවින් සියලු දෙනා එකතු වී අලි වැට ඉදි කිරීමේ කටයුතු විධිමත්ව සිදුකළ යුතුව තිබෙන බවත් මෙය නඩත්තු කිරීම අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.
විදුලි වැට ඉදිකිරීම සඳහා රුපියල් මිලියන සියයක මුදලක් වෙන්වී ඇති බවත් ඒ අනුව කිලෝමීටර් 43.8ක දිගින් යුතු වැටක් මෙම වර්ෂයේදී ඉදිකිරීමට යෝජිත බවත් මෙම සාකච්ඡාවේදී වනජීවී හා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී.සූරියබණ්ඩාර මහතා පැවසුවේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය මහචාර්ය අශෝක දංගොල්ල මහතා අදහස් දක්වමින් අලි මිනිස් ගැටුම වැලැක්වීමට නියමු ව්‍යාපෘතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සිදුකරන බවත් ඒ අනුව අලි දුම්රියේ ගැටීම නතර කර ගැනීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් කීවේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -