32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අලි ගහන කැලේ 4G හොයන විජයපුර දරුවෝ

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන අතරින් විජයපුර ප්‍රදේශය අති දුෂ්කර ගම්මානයක් ලෙස හැදින්විය හැකි වන්නේ එක් පසෙකින් වල් අලි ග්‍රහණයෙන්ද තවත් පසෙකින් යටිතලපහසුකම් නොමැතිකමින් ප්‍රදේශවාසීන් දැඩි ලෙස දිනෙන් දින පීඩාවට පත්ව සිටිති.

මෙම ගම්මානයේ ජීවත්වන බහුතරයක් පිරිසගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කෘෂිකර්මාන්තය හා බැදුනු නෙක නෙක වෘත්තින්ය. සමහරු කුඹුරු ගොවිතැන සිදුකරති. තවත් පිරිස් හේන් ගොවිතැනෙන් සිය ආර්ථිකය සරු කර ගන්නා බවද කියයි.

නමුත් සවස් කාලයේ මේ ගම්මානය ඉලක්ක කර ගනිමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට පැමිණෙන වල් අලි රංචු ගම්වැදීම හේතුවෙන් ජනතාවගේ ජීවන රටාව උඩු යටිකුරු කරන්නට විය.

රටේ පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ආරම්භ කෙරුණ (ඔන්ලයින්) ඉගෙනුම් කටයුතු මේ ප්‍රදේශයේ ජීවත්වන ළමුන්ටද නවමු අත්දැකීමක් එක්කරන්නට විය.

ඒ සදහා අවශ්‍ය ටැබ් සහ අද්විතීය ජංගම දුරකථන සෑම දරුවෙකුටම දෙමාපියන්ගේ දහදිය මහන්සියෙන් මිළදී ගනු ලබන්නේ තමන්ට අවශ්‍ය අධ්‍යාපානය කෙසේ හෝ ලබා දීමේ ඒකායන අරමුණ පෙරදැරිවය.

නමුත් මේ ප්‍රදේශයේ දරුවන්ගේ අවාසනාවේ මහිමය සුළුපටු නොවන තරම්ය. මන්ද අද වන විට මේ දරු දැරියන් සිය ස්මාර්ට් දුරකථනය කර පින්නාගෙන ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරීම සදහා කිලෝ මීටර් දෙකකට ආසන්න දුරක් ගෙවා ගමේ කෙළවරේ පිහිටි වැව වෙත පිය නැගීම ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්ව හමාරය.

එසේ වැවට පැමිණෙන මේ දරු දැරියන් ජීවිත අවධානම නොතකා සමහර අවස්ථාවන් වලදී දුරකථන සංඥා සොයා වැව් ඉස්මත්තේ ඉබාගාතේ ඒ මේ අත ඇවිදින අවස්ථා අනන්ත අප්‍රමාණය.
තවත් වරෙක වැව් ඉස්මත්තේ පිහිටි අඩි 15ක් 20ක් පමණ උස රූස්ස ගස් මොවුන්ගේ තාවකාලික සංඥා කුළුණු බවට පත් කර ගන්නා අවස්ථාද එමටය.

කොළඹ පුරවරෙයේ ළමුන් වායු සමණය කරන ලද කාමරවල සුඛෝපභෝගි ජීවිත ගතකරමින් ඔන්ලයින් යද්දි. අලි ගහන කැලේ කටු ඇණෙමින් මොවුන්ද නොනැවතී ඔන්ලයින් යාමේ වෙනසක් නැතුවාම නොවේ.

සමහර අවස්ථා වලදී මේ දරු දැරියන් අභියෝග රැසකට මුහුණ පාන අවස්ථා එමටය. වැසි සහිත දින වල මෙන්ම සවස් කාලයේ ජලය සොයා වැව් ඉස්මත්තට පැමිණෙන වල් අලි රංචු මේ දරුවන්ගේ ජීවිත වලට නුදුරේදී මහත් තර්ජනයක් වනු නොඅනුමානය.

ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වල් අලියන්ගෙන් බැටකමින් එදා වේල පිරිමසා ගන්නා මොවුන්ගේ දරුවන්ද නුදුරේදී රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගුරුවරු, විද්වතුන් කරවීමේ බලාපොරුත්තුවක් කර පින්නාගත් දෙමාපියන්ගේ සිත් තුළ සිහින කෝටියක් පැලපදියම් වී ඇති බව නොරහසකි.

නමුත් ඒ සිහින බොද නොරක මේ පුංචි සමනලුන් ගේ අත්තටු වලට පාට දෙමින් ලෝකයම වර්ණ ගන්වන්න අවශ්‍යම කාලය එළඹ තිබෙන මොහොතයි මේ.

තවද ප්‍රදේශවාසී ජනතාව පෙන්වා දෙන්නේ නිරන්තරයෙන් මේ ප්‍රදේශයට එල්ලවන අලි තර්ජන හමුවේ රාත්‍රි කාලයේ හදිසි ලෙඩකු රෝහලක් වෙත රැගෙන යාමට පවා නොහැකි තත්ත්වයක ත්‍රීරෝදයක් ගෙන්වා ගැනීමට පණිවිඩයක් ලබා දීමට දුරකථන වලට පවා සංඥා නොමැතිකම නිසාවෙන් තමන්ද දැඩි පීඩාවට පත්වන බවයි.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -