

දේශපාලන පක්ෂ භේද ඉවතලා සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් දඹුල්ලේ ඉදිවෙමින් පවතින උෂ්ණත්ව හා තෙත පාලනය කොට එළවළු පලතුරු කල්තබා ගැනීමේමධ්යස්ථානයේ සේවා ලබා ගැනීම ට ගොවීන්ට කඩිනමින් පුහුණුව ලබා දෙන්නැයි තමා වර්තමාන රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා 05 දින පැවසීය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන්දියානු ආයතනයක් සමග සාකච්ඡා කොට ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර ඇතිව දඹුල්ලේ මෙම එළවලු පලතුරු වල උෂ්ණත්ව සහ තෙතමනය පාලනය කොට ලක් තබාගැනීමේ ව්‍යාපෘතිය ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය.
පසුව මෙහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නැවතීමත් සමඟ තමන් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත දැඩි උත්සාහයක් දරමින් නැවත වරක් ඉදිකිරීම් කටයුතු කඩිනම් කළ බවත් ඒ සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පූර්ණ සහයෝගය සහ වර්තමාන රජයේ සහයෝගය ලැබුණු බව ඒ මහතා පැවසීය.
ලබන මාර්තු මාසය වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වන බවත් කඩිනමින් ඒ සඳහා ගොවීන් පුරුදු පුහුණු කිරීමේ වැඩපිළිවෙළ රජය ආරම්භ කළ යුතු බව තමා යෝජනා කරන්නේ යැයි සදහන් කළේය.
මෙරට එළුවළු අස්වැන්නෙන් සියයට 40 ක ප්‍රමාණයක් විශාල වශයෙන් පසු අස්වනු හානියට ලක් වෙමින් පවතින බවත් එළවලු මිල අධික කාලය සහ මිල ඉතා අවම මට්ටමෙන් පවතින කාල වකවානුවල මෙහි වාසිය විශාල වශයෙන් ගොවීන්ට සහ මහජනතාවට ලැබෙන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
දිවයිනේ ඉදිකෙරෙන ප්‍රථම උෂ්ණත්ව සහ තෙතමනය පාලනය කොට එළවළු පලතුරු කල්තබා ගැනීමේ ආයතනය මෙය බවත් මෙවැනි දහසක් පමණ රට පුරා ඉදි කළ යුතු බවද පෙන්වා දෙන ඒ මහතා මෙම ඉදිකිරීම් සහ පහසුකම් ගොවීන්ට ලබා දීමේදී කිසිදු අයෙකු දේශපාලන වාසි ලබා නොගෙන ගොවීන් වෙනුවෙන් මෙය සාර්ථක කළහොත් රටේ ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද මෙය ඉතාම වාසිදායක තත්ත්වයක් පවතින්නේ යැයි සඳහන් කළේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ දඹුල්ලේ මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා එළවළු පලතුරු විනාශවීම වෙළෙඳපොළ උච්චාවචනය පිළිබඳව මෙවැනි ආයතනයක අවශ්‍යතාවය විශාල වශයෙන් ප්රවෘත්ති වාර්තාකරණය සමග මෙම ක්‍රියාවලියට තමන් අවතරණ වූ බවය. එමෙන්ම බොහෝ ගොවි ජනතාවගේ ද ඉල්ලීමක් මත කිසිදු පෞද්ගලික වාසිය කින් තොරව තමන් ඉන්දියාව සමග සාකච්ඡා කොට නැවත නොගෙවන මූල්‍ය ආධාර මත ඉන්දියානු තාක්ෂණයෙන් මෙය සියලු ඉදිකිරීම් කටයුතු සිදු කරන බවද පෙන්වා දුන්නේය.
තමන් නියෝජනය කල ආණ්ඩු සමය ඉවත් වීමත් සමග වර්තමාන රජය මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයට තමාගේ ස්තූතිය පිරිනමන බවද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
– Advertisement –

