

වැඩ වර්ජණයේ යෙදෙන වතු කම්කරුවන් හමුවී ඔවුන්ට ස්තූති කිරිමට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා වතුකරයේ සංචාරයක යෙදේ.
වතු කම්කරුවන් තම දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ නොදැමීම සම්බන්ධව වතු සමාගම් වලට විරෝධය දක්වමින් අද (05) දා දෛනික සේවා කටයුතු වලට වාර්තා නොකර වැඩ වර්ජණයක් ආරම්භ කර තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසය මගින් සංවිධානය කර ඇති මෙම වැඩ වර්ජණට වෘත්තීය සමිති භේදයකින් තොරව මස්කෙළිය, හැටන්, බගවන්තාව, වටවල, සාමිමලේ, නල්ලතන්නිය, තලවාකැලේ, නුවරඑළිය යන ප්‍රදේශවල වතු කම්කරුවන් සහාය දැක්වා ඇති අතර එම කම්කරුවන් අද දින හමු වී වැටුප් අරගලයේ ඉල්ලීම් දිනා ගැනීමට සාමුහිකව සහාය දැක්වීම සම්බන්ධව ඔවුන්ට ස්තූති කිරිම සඳහා වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා වතුකරය පුරා අද සංචාරයක නිරත වූහ.
– Advertisement –

