32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන කරුණු බොහොමයක් අසත්‍යයි

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන කරුණු බොහොමයක් අසත්‍ය බැවින් ඒවා එකින් එක ප්‍රතික්ෂේප කිරීම සඳහා හේතුවන කරුණු විග්‍රහ කරමින් ලිඛිතව ඔවුන්දට දැනුම් දී තිබෙන බවත් එය ලැබුණු බව කොමිසමද පෙරළා දැනුම් දී තිබෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මානව හිමිකම් කොමිසමේ මෙම මස 22 දින ජීනිවා නුවරදී පැවැත්වීමට නියමිත වුවත් කොවිඩ් වංසගතය ජීනිවා නුවර වෙලාගෙන තිබෙන බැවින් නියෝජිතයින් රැස්නොවී ප්‍රථම වරට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සමුළුව පැවැත්වීමට තීරණය වී තිබෙන බවද ඒ මහතා කීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහනුවර කොන්සියුලර් කාර්යාලය පෙරේදා (06) මහනුවර ගැටඹේ මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ දෙවන මහළේ විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට පමණක් නොව තවත් රටවල් 10 කට වාර්තාව මගින් චෝදනා ඉදිරිපත් කරමින් දඬුවම් ලබාදිය යුතු බවට යෝජනා කර තිබෙන බවත් ඒ ආකාරයට ක්‍රියා කිරීමේ බලයක් කොමිසමට නොමැති බවත් කී විදේශ ඇමැතිවරයා එය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා කළ යුතු දෙයක් බවද අවධාරණය කළේය.

මෙයට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් මිත්‍ර රටවල් සමඟ ඒ පිළිබඳ සාකච්චා කරමින් සිටින බවත් හෙතෙම පැවසුවේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය රඳවා තබාගෙන සිටි ලක්ෂ තුනක ජන පිරිසක් හමුදාව සිටි ප්‍රදේශයට පැමිණි බවත් ඔවුන්ට අවශ්‍යය ආරක්ෂාව රජය ලබාදුන් බවත් කී ඒ මහතා ක්‍රියාකාරී කොටි සොල්දාදුවන් පුනරුත්ථාපනය කර නිදහස ලබා දීමෙන් අනතුරුව ඔවුන් අද ගම් ප්‍රදේශ වල හොඳින් ජීවත් වන බවද අවධාරණය කළේය.

කිසිදු ජන කොටසකින් ශ්‍රී ලංකා රජය පළිගැනීමක් නොකළ බවත් ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ මතවාදය දැරූ කණ්ඩායම උතුරේ ජනතාව විසින් ඡන්දයෙන්ද පරාජය කළ බවත් හෙතෙම පැවසුවේය.

එදා යුද හමුදාපති ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජනපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ටී.එන්.ඒ සංවිධානය,කොවි ඩයස්පෝරාව ඇතුළු සියලු කණ්ඩායම් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කළ බවත් හමුදාව වරදක් කළේ නම් එහි නායකයා ජයග්‍රහණය කරවීමට මෙම සංවිධාන කටයුතු කරයිද යන ප්‍රශ්නය තමන් ශ්‍රීලංකාවට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන කණ්ඩායම් වලින් විමසන බවත් කී ගුණවර්ධන මහතා රටක් ලෙස අප මානව හිමිකම් උල්ලංඝනය නොකළ බව කියන්නට තවත් සාක්කියක් අවශ්‍යය නැතැයිද ප්‍රකාශ කළේය.

ස්වෛරී රටක් ලෙස රට අභ්‍යන්තරයේ සිදුවන යමක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාව ඇත්තේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් පසුගිය රජය විදේශ නඩුකාරයින් ගෙනවිත් නඩු අහන්න එකඟවී ලියවිලි වලට අත්සන් කළත් එය මෙරට ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් බවත් කී විදේශ ඇමැතිවරයා මේ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු යටතේ කොමිෂන් සභාවක් පත්කර තිබෙන බවද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ,මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර,විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්,මහචාර්ය ජයනාත් කොළඹගේ,අධ්‍යක්ෂ ජනරාල් විශ්වනාත් ආකේෂ්ලි යන මහත්වරුද සහභාගි වූහ.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -