
මෙරට පවතින පොල් හිගය නිසා පාරම්පරික පොල් තෙල් කර්මාන්තකරුවන් විසින් විදේශ රටවලින් වීයළි පොල් මද ගැන්වීමේ වැඩසටහන නවතා ඉතා සූක්ෂම ලෙස රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් පිරිපහදු නොකළ වෙනත් ආදේශක තෙල් මෙරටට ගෙන්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බව පාරම්පරික කර්මාන්තකරුවෝ චෝදනා කරති.
මේ වන විටත් විශාල පොල් තෙල් වෙනුවට වෙනත් ආදේශක තෙල් වර්ග ගෙන්වා තිබෙන බවත් ඒ සඳහා මෙම කණ්ඩායම් රජයෙන් මහජනතාව වෙත ලබා දෙන බදු සහන ලබා ගැනීමේ කූට උපක්‍රමයක නිරතව සිටින බව සමස්තලංකා පාරම්පරික පොල් තෙල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා 5 දින හෙළි කළේය.
පොල් තෙල් කර්මාන්ත කරුවන් සහ පාරිභෝගිකයන් වෙනුවෙන් විදේශ රටවලින් ගෙන්වන පිරිපහදු නොකළ තෙල් නිසා සිදුවන හානිය පිළිබඳව රටේ ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව හෙළිදරව් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව 5 දින පස්වරුවේ දඹුල්ලදී කැඳවා තිබිණි.
මුලින්ම මාධ්‍ය හමුව අමතමින් සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ මේ වනවිටත් විදේශ රටවලින් විශාල වශයෙන් පිරිපහදු කළ තෙල් වර්ග ගෙනැවිත් තිබෙන බවය. ආහාරයට සුදුසුද නුසුදුසුද යන්න කිසිදු ආකාරයකින් පරීක්ෂණයක් සිදුකර නැති බවද පෙන්වා දෙයි .
ජනතාවට ආහාර හැටියට ලබාදීම සම්බන්ධයෙන් මෙම බහුජාතික සමාගම් කරුවෝ ආර්ථික ඝාතකයන් පමණක් නොව ජනතාව හිතාමතා සංවිධානාත්මක ඝාතනය කරන ඝාතකයන් බවද චෝදනා කළේය.
ජනාධිපතිවරයාගේ සහ රජයේ ඇස් වසා ඉතා සූක්ෂම ලෙස රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් මෙම ක්‍රියාවලිය සිදු කරමින් සිටින බව වැඩිදුරට ද මෙහිදී අවධාරණය කළේය කළහ.
එමෙන්ම සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික තුෂාර වීරසිංහ මහතා කියාසිටියේ පොල් තෙල් කර්මාන්තය කඩා වැටීම නිසා මෙරට කිරි කර්මාන්තය ද කඩා වැටී ඇති බව ය .ඒ පුන්නක්කු නොමැති වීම නිසා කිරි කර්මාන්තය විශාල වශයෙන් මෙරට කඩා වැටී ඇති බව පෙන්වා දුන් අතර පොල්තෙල් කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා ආනයනය කිරීම සඳහා අවසර ලබාදුන් වියළි පොල් මද ගෙන් වා රටට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය සිදු කළහොත් ජනතාවට ද මෙරට කිරි කර්මාන්තයට ද සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව පෙන්වා දුන්නේය.
මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් මාධ්‍ය හමුවට එක්වූ උපාලි ගමගේ මහතා කියා සිටියේ වහාම මහජනතාව පිටරටින් ගෙන්වන කිසිදු ආදේශක තෙල් වර්ගයක් ආහාරයට නොගෙන ප්‍රතික්ෂේප කළ යුතු බවය. ජනතාවට මින් ඉතා සූක්ෂම ලෙස කිසිදු සොයා බැලීමකින් තොරව වසවිස ජනතාවට කවමින් සිටින බව පෙන්වා දුන්නේය .තුන්වේල බත් ආහාරයට ගත් රටක මේ වන විට හවස දෙකෙන් පස්සේ බත් නොමැතිව රයිස් කන තත්ත්වයට පත්ව ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
ජනතාව මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කොට දේශීය ආහාර රටාවට නැවත හුරු නොවුණහොත් සෑම ස්ථානයකම ජනතාවගේ මරණය ලියැවී ඇති බවත් සමස්ත ලංකාවේම ජනතාව මෙම මහා විනාශය පිළිබඳව අවධානය යොමු කරන්නැයි හෙතෙම ඉල්ලා සිටියේය.