32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අනූ හතර හැවරිදි සිව් දරු මවක් පාලි භාෂා පරීක්ෂණ විභාගයට ලියයි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

විද්‍යයෝදය විශ්ව විද්‍යාල විභාග අංශයට අනුබද්ධිත ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් පවත්වනු ලබන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට මෙවර අනූ හතර හැවරිදි සිව් දරු මවක් පෙනී සිටීම විශේෂ සිද්ධියකි.
මහනුවර නාවලපිටියේ පදංචි විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව උපතා ලැබ ඇත්තේ 1928 පෙබරවාරී මස 15 දිනය.
විභාගය මහනුවර ඩී.එස් සේනානායක විද්‍යාලයේදී ඊයේ (07) සහ පෙරේදා (06) දිනවල පැවැත් විණි.
වර්ෂ 1928 දී මෙළොව එළිය දැක තිබෙන මෙම මව මේවන විට මී මුණුපුරන්ද දැකීමට තරම් වාසනාව ලබා තිබේ.බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් ඇතුළු දියණියන් සිව් දෙනෙකුගේ මවක වන ඇය පවසන්නේ ලබාගත් ජීවිතය ප්‍රයෝජනවත් ලෙස ගත කිරීම තම අරමුණ බවයි.
විශේෂයෙන් කාන්තාවන් පසුබට නොවී ඉදිරියට පැමිණ ශක්තිමත්ව ජීවිතයට මුහුණ දිය යුතු බවත් තම දියණියන් සිව් දෙනාම විශ්ව විද්‍යාල උපාධිධාරීන් බවත් පවසන ධර්මරත්න මාතාව තමන්ද මියයන්නට පෙර උපාධියක් ලබා ගන්නා බව ප්‍රකාශ කළාය.
මෙම විභාගය සමත් වීමෙන් පසු තමන්ට කැලණිය විශ්ව විද්‍යාලේ ශාස්ත්‍රපති විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබෙන බවත් මිය යන්නට පෙර එම විභාගයද සමත්වීම තම අරමුණ බවත් ඇය කීවාය.
තම ජීවිත කාලය තුළ මෙතරම් වයෝවෘද්ධ කාන්තාවක් විභාගයටකට පෙනී සිට නොමැති බවත් ඉහළ මහළට නැගීමට නොහැකි නිසා මෙම මාතාවට පිළිතුරු ලිවීම සඳහා පහත මාලයේ තැනක් සූදානම් කර තිබූ බවත් විභාග ශාලා භාරකරු ලෙස කටයුතු කළ ලසිත් මාවිල්මඩ මහතා කීය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -