32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

වසර දහස් ගණනක් ඉපැරණි ප්‍රෞරාණික අලි ගස බේරා ගනිමු

Must Read

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂනය දිනූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දකුණු මායිම්ව ගගේවාඩිය නිම්නයේ පිහිටි වසර දහස් ගණනක් ඉපැරණි ප්‍රෞරාණික අලි ගස දැඩි ලෙස ඛාදනයට හසුව විනාශයට නතුව ඇති බවට දෙස් විදෙස් සංචාරකයෝ සිය අප්‍රසාදය පලකරති.

විදෙස් රට වල සිට පැමිණෙන බහුතරයක් සංචාරකයින් ගගේවාඩිය සංචාරක පුරවරය ඉලක්ක කරගෙන පැමිණීමට බලපා ඇති ප්‍රධාන සාධකය ලෙස සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නියැලෙන්නන් පෙන්වා දෙන්නේ මෙම අලි ගස නැරඹීම ඔවුන්ගේ එකම ඉලක්කය සහ විනෝදාංශය බවයි.

නමුත් අද වන විට දැඩි ලෙස කලපු ජලය ගලා ඒම හේතුවෙන් මෙම අලි ගස සම්පූර්ණයෙන්ම ඛාදනය වීමට ලක්ව ඇති බවත් මේ වන විට එකී අලි ගසේ සිය මූල පද්ධතිය සම්පූර්ණයෙන් ඛාදනයට හසුව ඇති බවක් අප කැමරා කාචයේ මෙලෙස සටහන් විය.

මෙම අලි ගස නැරඹීම සදහා දිනකට දෙස් විදෙස් සංචාරකයින් 100ට අධික ප්‍රමාණයක් මෙම ස්ථානය කරා ගමන් කරන බවත්, එය නැරඹීමෙන් පසුව ඔවුන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීටද අමතක නොකරන බව කියයි. එසේ අලි ගස ඉලක්ක කරගෙන එන සංචාරකයින් පසුව විල්පත්තුව නැරඹීම තුළින් මෙරට සංචාරක කර්මාන්තයට ඉහළ ආදායමක් ලැබෙන බව හෙතෙම පෙන්වා දෙයි.

නමුත් අද වන විට මෙම අලි ගසට අත්ව ඇති ඛේදණිය ඉරණම හමුවේ නුදුරේදී ගගේවාඩිය සංචාරක කර්මාන්තයට කණ කොකා හැඩීමේ පෙර නිමිති පහළ වෙමින් තිබෙන බවක් ඉන් දක්නට ලැබේ.

වන ජීවි නිළධාරින්ගේ නිසි අධීක්ෂණයකින් හෝ නඩත්තුවකින් තොරව පිහිටි මෙම අලි ගස මෙලෙස දිනෙන් දින වැනසී යන්නේ නම් නුදුරේදී මෙවැනි අලි ගසක් නැරඹීමට ඇති ඉඩ ප්‍රස්ථාවක් සංචාරකයින්ට අහිමි වන ලකුණු පහළ වෙමින් තිබෙන බව කියයි.

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නියැලෙමින් මුදල් උත්පාදනය කරනු ලබන 1500ට ආසන්න පිරිසක් මෙම අලි ගස තුළින්ද සිය ජීවිකාව ගත කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නමුත් අද වන විට මෙම අලි ගසට අත්ව ඇති ඛේදණීය තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම පහත වැටී ඇති බවට ඔවුන් මැසිවිලි නගති.

– Advertisement –


– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...
- Advertisement -

More Articles Like This

- Advertisement -