

ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියගොස් තිබේ.
67 හැවිරිදි වියේ පසු වූ ඔහු පසුගිය සිකුරාදා දිනයේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හිටපු බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් අලීට එරෙහිව 1978 වසරේදී ලබාගත් ජයග්‍රහණයත් සමග ලියොන් ස්පින්ක්ස් කාගෙත් කතාබහට ලක්වුණි.
වසර 05 කට ආසන්න කාලයක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩාවිදි ඔහු අමෙරිකාවේදී මියගොස් ඇති බව වාර්තා වේ.
1976 වර්ෂයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා තරඟයේ සැහැල්ලු බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට සමත් වුණි.
– Advertisement –

