32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

පකිස්තානයෙන් ගෙන්වූ තවත් කුණු අල කිලෝ 26000ක් STF එකට කොටු

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

මිනිස් පරිභෝජනයට නුසුදුසු පාකිස්තානයේ ගෙන්වා තිබූ අර්තාපල් අල කිලෝ 26,000 ක් පමණ ප්‍රමාණයක් දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ ගබඩාවක තිබී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් 9 දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි වරයාට ලැබුණ තොරතුරක් මත සිදුකළ සොයා බැලීමකදී මෙම අර්තාපල් අල තොගය ඉතා සූක්ෂම ලෙස කන්ඩළම පාර ප්‍රදේශයේ ගබඩාවකට රැගෙනවිත් එම ගබඩාව තුළ සුද්ද කිරීම සඳහා සූදානම් කරන බව අනාවරණය කොට තිබේ
එමෙන්ම කන්ටේනර රථයක අර්තාපල් අල කිලෝ 26,000 ක පමණ ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා නරක් වී ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමමින් රථයෙන් ඕජස් ගලමින් පැවති බව පොලීසිය කියයි.
පසුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මෙම කන්ටේනර් රථ විවෘත කොට බැලීමේදී බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ මෙම අර්තාපල් අල පැවැති අයුරු නිරීක්ෂණය කර ගැනීමට හැකිවී තිබිණි.


පසුව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා දැනුවත් කිරීමෙන් පසුව නාගරික සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පැමිණ මහ ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා නාගරික මන්ත්‍රී සුජීව ජයසිංහ මහතා ඇතුළු පිරිස මේවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනයට කිසිසේත් සුදුසු නැති බව පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත දැනුම් දීම සිදු කළ බව පොලිසිය කියයි.
ඒ අනුව කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මේවා පාකිස්තානයෙන් ගෙන් වා දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ලබාදී ඇති බවත් මේවා පාකිස්තානයේ සිට වරායට පැමිණිම වරායේ සිට රට අභ්‍යන්තරයට පැමිණෙන කිසිදු ලියකියවිල්ලක් මෙම ව්‍යාපාරිකයා සතුව හෝ කන්ටේනර් රථ රියදුරු සතුව නොමැති බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම අර්තාපල් කන්ටේනර් වරායෙන් ඉවත් කරන ඒවාද යන්න බරපතළ සැකයක් මතුවන බවත් අවස්ථා ගණනාවකදීම දඹුල්ල ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් මෙවැනි අල ලුණු සුද්ධ පවිත්‍ර කොට නැවත වෙළඳපලට යැවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව පොලිසිය කියයි.


පාකිස්ථානයේ ව්‍යාපාරිකයාගෙන් දඹුල්ල ප්‍රදේශයට මෙම අර්තාපල් කන්ටේනර් රථය ගෙන්වූ බව කියන දඹුල්ලේ ව්‍යාපාරිකයා සැකපිට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන දඹුල්ල නාගරික සෞඛ්‍ය ඒකකය වෙත භාර දීම සිදු කරනු ලැබීය.
මෙම අර්තාපල් අල තොගය භාරව සිටි ව්‍යාපාරිකයාගෙන් විමසීමේ දී කියා සිටියේ වරායෙන් මෙම කන්ටේනර් රථ එළියට ගැනීමේදී ප්‍රමාදයක් සිදු වූ බවත් ඇණවුම් කළ ප්‍රමාණයට වඩා වැඩි කොටසක් මෙම කන්ටේනර් රථ වල පටවා එවීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවද හෙතෙම සඳහන් කළේය .කෙසේවෙතත් මෙම අල මිනිස් පරිභෝජනයට නුසුදුසු බව ඔහු ද පිළිගැනීම විශේෂත්වයකි.
මෙසේ අත්අඩංගුවට ගත් අර්තාපල් අල කිලෝ 26 000 විනාස කිරීමට තමන්ගේ එකඟත්වය පළ කළ බව එම ව්‍යාපාරිකයා නාගරික සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබීම විශේෂ කරුණකි .
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කිස්ථානයෙන් ගෙන්වා තිබූ අර්තාපල් අල කිලෝ 26000 විනාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව දඹුල්ල නාගරික සෞඛ්‍ය අංශය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ජෙෂ්ට පොලිස් අධිකාරි ශාන්ත රත්නපිටිය හා අණදෙන නිලධාරි නීතිවේදී වරුණ ජයසුන්දර මහත්වරුන්ගේ උපදෙස් පරිදි දඹුල්ල කදවුරේ නිලධාරීහු වැටලීම සිදුකළහ .

– Advertisement –

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -