

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා අද (10) දිනයේත් අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර එය පාලනය කිරීමට එරට පොලීසිය ජල ප්‍රහාර, රබර් උණ්ඩ ප්‍රහාර සහ ජීව උණ්ඩ ප්‍රහාර යොදාගත් බව වාර්තා වේ.
එම විරෝධතා සඳහා එක්වී සිටි කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූ කාන්තාව මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් පොලිස් ප්‍රහාරවලින් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
ඒ අතර යැන්ගොන් නගරයේ පිහිටි, අවුන් සාන් සුකීගේ ජාතික ලීගයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඊයේ වැටලූ හමුදාව ඊට අලාභ හානි සිදුකර තිබුණි.
මේ අතර ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මියන්මාර සාම සංඝ සමුළුව නියෝජනය කරන ස්වාමීන්වහන්සේ ඇතුළු පිරිසක් අද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූණා.
එහිදී අවුන් සාන් සුකී පාලනය නැවත පිහිටුවීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිලධාරීන් වෙත සංදේශයක්ද භාරදී තිබේ.
– Advertisement –

