32 C
Colombo
Friday, February 26, 2021
- Advertisement -

මෙම වසරේ සාමණේර හිමිවරුන්ට ලබාදෙන මූල්‍යාධාරය වැඩි පිරිසකට ලබාදෙනවා -බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන

Must Read

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ...

ගේදොර වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දි ගෙවන්නැයි සැමියාට නියෝගයක්

සිය විවාහ දිවිය සමයේදී "නිවසේ වැඩ කිරීම වෙනුවෙන්" සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙස චීනයේ "දික්කසාද අධිකරණයක්" පුද්ගලයෙක්ට නියෝග...

මෙරට සාමණේර හිමිවරු විසි දහසක් පමණ සිටියත් පිරිවෙන් මූල්‍යාධාර හිමිවන්නේ හිමිවරු දහසක පමණ පිරිසකට බවත් බවත් එම සංඛ්‍යාව ඉහළ නන්වන ලෙස අගමැතිරයා උපදෙස් ලබාදී තිබෙන බවත් බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන්ට ලබාදෙන මූල්‍යාධාරය මෙම වසරේ තවත් වැඩි පිරිසකට ලබාදෙන බවද ඒ මහතා කීය.
හන්තාන සිරි ධම්මරතන භික්ෂු පුහුණු ත්‍රිපිටක ධර්ම ආයතනයේ දී පෙරේදා (13) පැවැති නවක සාමණේර භික්ෂුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ නවවන අදියර සමාප්ත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගීවෙමින් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේය.
සිය අමාත්‍යංශයට මෙවර වෙන්වී ඇති රුපියල් මිලියන 13 500 න් මිලියන 7000 ක මුදලක් වෙන් කොට ඇත්තේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් බවත් ඒ යටතේ භික්ෂු අධ්‍යාපනයට වැඩි අවස්ථාවක් ලබාදෙන බවත් ලේකම්වරයා පැවසුවේය.

සාමණේර හිමිවරුන්ගේ භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා සැකසුණු විශේෂ වැඩපිළිවෙළ යටතේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයට අමතරව වෙනත් ආයතනවලින් අමතර භාෂා හැදෑරීමේ අවස්ථාවක් හිමිවන බවත් ඒ සඳහා වැය වන මුදල් රජය විසින් දරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
සසුන් උදාව වැඩසටහන යටතේ සාමණේර හිමිවරුන්ගේ දෙමාපියන් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් උන්වහන්සේලාගේ දෙමාපියන්ට බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා යෝජනාවක් ඉදිරිපත්ව තිබෙන බවත් කී ඒ මහතා රෝහල් ඇතුලු රජයේ ආයතනවලට ප්‍රවේශවීමේදී එම දෙමාපියන්ට ප්‍රමුඛතාව හිමිවන හැදුනුම්පතක් නිකුත් කරන බවද පැවසුවේය.
දෙමාපියන් ආර්ථික වශයෙන් පීඩාවට පත්වීම නිසා බොහෝ භික්ෂූන් වහන්සේ උපැවිදි වන්නේ යැයිද ඒ සම්බන්ධව මතුවන ගැටලු අමාත්‍යංශය වෙත ලිඛිතව යොමු කිරීමෙන් කඩිනම් විසදුම් ලබා දීමට හැකියාව තිබෙන්නේ යැයිද කපිල ගුණවර්ධන මහතා කීය.
බුද්ධ ශාසන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද,හන්තාන සිරි ධම්මරතන භික්ෂු පුහුණු ත්‍රිපිටක ධර්ම ආයතනයේ විහාරාධිපති පූජ්‍ය දොඩම්වල ධම්මරතන යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නය ද බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප-මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සභාව ඇමතූ අයුරු සහ ඊට සහභාගි වූ මහ සංඝරත්නය ඇතුළු පිරිස

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...
- Advertisement -

More Articles Like This

- Advertisement -