

ආදරවන්තයිනේ දිනය දා විශේෂ අවශ්‍යතා ඇති පිරිසකට ආදරය හා කරුණාව දක්වමින් ඔවුන් සිරිපා කරුණා කිරීම සඳහා මඟපාදා දීමට ගුරුවරයෙකු හා සිසු පිරිසක් ඊයේ (14) පියවර ගත්හ.
දෘශ්‍යාබාධිත,ශ්‍රවණාබාධිත හා පාද අහිමි මෙලෙස සිරිපා කරුණා කිරීම සඳහා කැඳවාගෙන එනු ලැබුවේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි භාහිර පංති පවත්වන ගුරුවරයෙකු වන සනත් අත්තිඩිය මහතා සහ ඔහුගේ පංති වලට සහභාගි වන සිසු පිරිසක් විසිනි.
ශාන්ත ජොන් ගිලන් රථ සේවයේ සහ ජංගම ප්‍රතිකාර මධ්‍යස්ථාන සේවාවක් ලබා ගනිමින් මෙම පිරිස ශ්‍රි පාදස්ථානය කරුණා කිරීමට කැඳවාගෙන ගිය අතර හැටන් මාර්ගයේ ඉදි කටුපාන සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා අත්වැට විෂබිජහරණය කිරීමටද මොවුන් පියවර ගෙන තිබේ.
අබාධිත පිරිසට කිහිලිකරු,අත්වාරු,ආහාර පාන,ප්‍රවාහන හා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දීමට සනත් අත්තිඩිය කටයුතු කර ඇත.
ශ්‍රි පාදය කරුණා කිරිමට ප්‍රථම සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ග උපදේශ වලට අනුකූලව අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් අවසර පත්‍රයද ලබාගෙන මෙම පිරිස ශ්‍රි පාදස්ථානය කරුණා කරවිමට කැඳවාගෙන ආවේ යැයි ඒ මහතා කීය.
ආදරවන්තයින්ගේ දිනය විවිධ අන්දමින් සමරන යුගයක තරුණ තරුණියන්ට ආදර්ශයක් ලබාදීම පිණිස තමන් මෙම වැඩසටහන සංවිධානය කරන බවත් මෙවර මෙවර එය ක්‍රියාත්මක කළේ පස්වන වතාවට බවත් හෙතෙම පැවසුවේය.
Advertisement –

