

සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද වල අනුගමනය නොකරමින් මහනුවර නගරයේ පවත්වාගෙන යන උපකාරක පංති පිළිබඳ සොයා බලා ඒවා හා නතර කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පොලීසියට හා යුද හමුදාවට උපදෙස් ලබා දී ඇත.
සිසුන් සහභාගි කරවීමට හැකි සංඛ්‍යාව ආදි සෞඛ්‍ය නිර්දේශ හඳුන්වා දෙමින් උපකාරක පංති ආරම්භ කිරීමට අවස්ථාව ලබා දුන්නත් ඇතැම් ගුරුවරු ඒවා ගණනකට නොගෙන පංති පවත්වාගෙන යන බවට ලැබුණු පැමිණිලි මත ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන තිබේ.
මධ්‍යම පළාතේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට කොවිඩ් පාලන පළාත් කාර්ය සාධන බළකායේ නියෝජිතයින් ඊයේ (17) ආණ්ඩුකාර කාර්යාලීය ශ්රවනාගාරයට පැමිණි අවස්ථාවේ ගමගේ මහතා මේ බව පැවසුවේය.
රටේ යම් අර්බුදකාරී වාතාවරණයක් තිබියදී සෞඛ්‍ය උපදෙස් නොතකමින් උපකාරක පංති පවත්වන ගුරුවරුන්ට එරෙහිවද නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ඒ මහතා කීවේය.
එළඹෙන මාර්තු මස 11 වැනිදා සිට අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බවත් ඔවුන් වෙනුවෙන් පවත්වනු ලබන උපකාරක පංති වල සෞඛ්‍ය නිර්දේශ කිසිලෙසකින් හෝ ක්‍රියාත්මක නොවන බවට පැමිණිලි රැසක් ලැබුණු බවත් ආණ්ඩුකාරවරයා කීය.
යම් හෙයකින් මෙවැනි පංතිකයකින් කොවිඩ් ආසාදිතයෙකු හමු වුවහොත් එය සාමාන්‍ය පෙළ විභාගයටද අයපත් ලෙස බලපානු ඇති බවත් මේ නිසා අදාළ පංති සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු අංශ වලට දැනුම්දුන් බවත් හෙතෙම අවධාරණය කළේය.
– Advertisement –

