32 C
Colombo
Friday, February 26, 2021
- Advertisement -

කොවිඩ් නිසා ගස්ලබු කිලෝ ලක්ෂ හතරක් විනාශ වූ ගොවියෙක්

Must Read

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ...

ගේදොර වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දි ගෙවන්නැයි සැමියාට නියෝගයක්

සිය විවාහ දිවිය සමයේදී "නිවසේ වැඩ කිරීම වෙනුවෙන්" සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙස චීනයේ "දික්කසාද අධිකරණයක්" පුද්ගලයෙක්ට නියෝග...

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රුපියල් මිලියන 15 ක පමණ පාඩුවක් සිදු වූ ගස් ලැබූ ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ දී අපට හමු විය.
ප්‍රධාන පෙළේ ගොවි මහතෙකු වූ ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි එස් .ඒ . රතනපාල මහතා තම වගා බිමේ අක්කර 12 කට අධික භූමියක සාර්ථක ගස්ලබු වගා කොට තිබිණි.
ඉදිරි වෙළෙඳ ගිවිසුම් ක්‍රමය යටතේ පෞද්ගලික ආයතනයකට තම අස්වැන්න ලබා දීම සඳහා මෙම වගා භූමිය ආරම්භ කළ බව රතනපාල මහතා කියයි.
ලෝකය පුරා පැතිර ගිය covid 19 වෛරසය හේතුවෙන් එම පෞද්ගලික ආයතනයට තම නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වූ නිසා වගා බිමේ තම අස්වැන්න ගස්ලබු කිලෝ ලක්ෂ හතරක් විනාශ වූ බව රතනපාල මහතා අප සමඟ පැවසීය.


මේ වන විටත් රතනපාල මහතා ගේ සාර්ථක කොම්පෝස්ට් පොහොර යොදා වගා කොට ඇති ගස්ලබු වගාවේ අස්වැන්න වන සතුන් භුක්ති විදීම සඳහා අතහැර දමා තිබේ.
රතනපාල ගොවි මහතා කියා සිටියේ තමන් අක්කර දොළහකට වැඩි ගස්ලබු වගාවක් සිදු කොට තිබෙන බවය. කොම්පෝස්ට් පොහොර යොදා ගෙන සිටු වීම නිසා අධික අස්වැන්නක් ලැබෙන බවය ,තමන්ට රුපියල් මිලියන 15 ක පමණ පාඩුවක් සිදුව තිබෙන බවත් සම්පූර්ණයෙන්ම මේ වන විට ගස්ලබු වගාව අතහැර දමා සතුන්ගේ ආහාර බවට පත් කොට බලා සිටින බව රත්නපාල මහතා පෙන්වා දුන්නේ ය.


මේ වන විටත් ගස්ලබු කිලෝවක තොග මිල රුපියල් 25 ක පමණ වන අතර එම මිලට ද ගස්ලබු අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක පවතින්නේ ඉල්ලුමක් නොමැති නිසා බව ඒ මහතා කියයි.
රුපියල් 25 ක මුදලක් ලබාගෙන ගස්ලබු කඩා ඇසුරුම් කොට වෙළෙඳ පොළට ගොස් අලෙවි කිරීමට විශාල කාලයක් ධනයක් වියදම් කළ ද එම වියදම නොලැබෙන නිසා මෙසේ තම වගාව සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබෙන බව රතනපාල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...
- Advertisement -

More Articles Like This

- Advertisement -