

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක (17) දින පස්වරුවේ හටගත් ගින්නකින් එම වන වගා රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.
හැටන් පොලිස් වසමේ ස්ටැඩන් වත්තට අයත් යුකෙලේප්ස්ටික් වන වගා රක්ෂිතයේ ගින්න හටගෙන තිබුණි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම වන වගා රක්ෂිතයේ සැරිසරන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට ප්‍රදේශවාසින් සැකකරයි.
පවතින වියළි කාලගුණයත් සමග රජයේ රක්ෂිතවලට සහ තේ වතු ආශ්රිත වන වගා රක්ෂිත වලට ගිනි තබන අය පිලිබදව තොරතුරු ලබාදෙන ලෙස හැටන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි ගිනි තැබිම් නිසා විශාල පරිසර හානියක් මෙන්ම එම රක්ෂිත හරහා ගලා බසින ජල උල්පත්ද සිදි යාමේ අවධානමට ලක් වි ඇත.
– Advertisement –

