32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

රටේ කාබනික වගාවන් කරන එකම බලප්‍රදේශයේ කුමන්ත්‍රණයක්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

  මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ නව ලග්ගල ප්‍රදේශය  කාබනික වගා ප්‍රදේශයක් ලෙස රජය නම් කොට වගා භූමි ආරම්භ කළ ද ඉතා සූක්ෂම ලෙස බහුජාතික සමාගම් එම කාබනික වගා භූමි විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් වහාම ඒ පිළිබඳව විද්‍යාත්මකව පරීක්ෂණයක් සිදු කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 17 දින රජයෙන් ඉල්ලීමක් කළේ ය.

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ අලුතෙන් ඉදි කෙරුණු ගම්මාන වල ගොවීන්ට ලබාදුන් නව ඉඩම් වල මෙවර පළමු කන්නය වී වගාව සහ ගොඩ බෝග වගාවන් ආරම්භ කොට තිබිණි. එම වගාවන් සියල්ල හඳුනා නොගත් රෝගයකින් විනාශ වී  අලාභානි තත්ත්වයක් පත්ව ඇතැයි ගොවීන් විසින් අවස්ථා කිහිපයක මහවැලි නිලධාරීන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැන් වුවද මෙතෙක් එම කාබනික වගාව පිළිබඳව රජයේ අවධානය යොමු නොවූ නිසා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට මේ බව දැනුම් දී තිබිණි.

ඒ අනුව මුළු ලග්ගල ප්‍රදේශයේ කාබනික වගා ව්‍යාපෘතීන් පිළිබඳව සහ එම සිදුව ඇති කුඹුරු වගාවට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීම සඳහා 17 දින දහවල් නාමල් කරුණාරත්න මහතා ඇතුළු වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් ඒවා නිරීක්ෂණය කළ කිරීමෙන් අනතුරුව  නාමල් කරුණාරත්න මහතා ඉහත ප්‍රකාශය කළේය.

මෙහිදී ලග්ගල  ප්‍රදේශයේ ගොවීන් කියා සිටියේ තමන් කාබනික වගාවට බෙහෙවින් ඇලුම් කරන බව ය. එහෙත් කාබනික වගාව සිදු කිරීමට ලබාදුන් උපදෙස් පරිදි සියලු බිම් සකසා වී වගා කළ ද අවසානයේ දී සියලුම වගා විනාශ වී අඩු කාලයේදී ඇතැම් කුඹුරු සම්පූර්ණයෙන්ම විනාශ වී ගොවීන්ට අස්වැන්නත් නොමැති තරමටම පත්වී ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

පසුව නාමල් කරුණාරත්න මහතා වෙත මෙම කාබනික වගා ක්‍රම වේදයේ ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ අවධානය යොමු කර දෙන්නැයි සංදේශයක් ද එම ගොවීන් භාර දීමට කටයුතු කළහ.

මෙහිදී නිරීක්ෂණයට එක් වූ නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ බහුජාතික සමාගම් වල ඉතා කූඨ උපක්‍රමශීලී ක්‍රමවේදයක් නිසා මෙරට කාබනික වගාව සඳහා වෙන් කොට ඇති දිවයිනේ එකම කෘෂිකර්ම බල ප්‍රදේශය වන ලග්ගල ප්‍රදේශය ද යම්කිසි විනාසයක් ඉතා සූක්ෂම ලෙස කළේද යන්න විද්‍යාත්මකව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ය. ඒ සඳහා රජයට සහාය ලබාදීමට ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනය බැඳී සිටින බව ද අවධාරණය කළේය .

කාබනික වගා කිරිමේදී මෙවර සිදුව ඇති පාඩුව ගොවීන්ට රජය විසින් වන්දි මුදලක් හෝ ලබාදීමට කටයුතු කළ යුතු යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– Advertisement –


– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -