32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

සමගි ජන බලවේගයට සහය දුන් අය සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වනවා – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

Must Read

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරමින් සමගි ජන බලවේගයට සහය දුන් අය සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමට දිස්ත්‍රික් මට්ටමින් නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඉදිරි දෙසතිය තුළ පත්කරන බවත් පක්ෂ විනය කඩ කළ අය මාස තුනක් ඇතුළත පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බවත් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.
කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව සෑම දිස්ත්‍රික්කයටම විනය පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමෙන් පසු අදාළ මන්ත්‍රීවරුන්ට එල්ලව තිබෙන චෝදනා ඇතුළත් ලිපිගොනු සියල්ල ඔවුන්ට බාරදෙන බවද ඒ මහතා පැවසුවේය.
පළාත් පාලන ආයතන නියෝජිතයින් 74 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණයට එරෙහිව ඔවුන් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙන බවත් එහි තීන්දුව ලැබුණු පසු එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ඔවුන්ද ඉවත්කර පක්ෂය පිරිසිදු කරගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අස්ගිරි මහානයක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පෙරේදා (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවේය.

පසුගිය මහ මැතිවරණයේදී සජබට සහයෝගය පළ කළ පළාත් පාලන මන්ත්‍රීවරු 43 ක් යළි එජාපය හා එක්වීමට ඉල්ලීම් කර තිබෙන බවත් ඔවුන් පක්ෂය හා එක්වීමට තීරණය කළේ සැබෑවටම පක්ෂයට ඇති ආදරය නිසාද නැතහොත් මන්ත්‍රීකමට ඇති ආදරය නිසාද යන්න සොයා බලා ඔවුන් පිළිබඳව තීරණයක් ගන්නා බවත් මහලේකම් වරයා කීවේය.
වීර මොණරවිල කැප්පෙටිපොළ විරුවා ඉංග්‍රීසීන් හා එක්ව සිට නිදහස් සටහනට එකතු වූයේ ඉංග්‍රීසින්ගේ ආයුද ඔවුන්ට බාරදීමෙන් පසු බවත් එජාපයෙන් තරඟ කළ අය වෙනත් අයට සහය දෙන්නේ නම් ඔවුන්ද කළ යුත්තේ මන්ත්‍රී ධූරය අලියට බාරදී පිටව යෑම බවත් ඒ මහතා කීය.
මෙම අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහනුවර පුරපති කේසර සේනානායක,එජාප මහනුවර කණ්ඩායම් නායක ශාන්තිති කෝන්ගහගේ යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.

– Advertisement –


– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...
- Advertisement -

More Articles Like This

- Advertisement -