

සීගිරිය අභය භූමියට යාබදව පිහිටි පොතාන ප්‍රදේශයේ සහ අවුඩංගාව ප්‍රදේශයේ මහා පරිමාණ රජයේ ඉඩම් හෙළි පෙහෙළි කොට අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියෝ පවසති.
ජනමාධ්‍ය මඟින් මෙම අභය භූමියේ ඇති රජය සතු ඉඩකඩම් සංවිධානාත්මක පිරිසක් විසින් හෙළි පෙහෙළි කරමින් අත්පත් කරගන්න බව ප්‍රකාශයට පත් කිරීමත් සමග සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ පිරිසක් 18 දින සීගිරිය ප්‍රදේශයේ මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ සිද්ධි නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ මේ බව සඳහන් කළේය.
මුලින්ම සීගිරිය පොතාන ප්‍රදේශයේ රජයේ රක්ෂිත අත්පත්කරගැනීමේ ස්ථානයට ගිය එම සංවිධානයේ භික්ෂූන් වහන්සේලා ග්රාමනිලධාරි වරයා විසින් අලවන ලද ලිපියක් ද එහි ගස් වල තිබී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩ නිලධාරියාගෙන් වවා පෙන්වනු ලැබීය.
කෙසේ වෙතත් එම ප්‍රදේශයේ මහා වනාන්තරය මැද විවිද ගස් කොලන් හිටුවා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කරන බව අනාවරණය කර ගැනීම සිදු කළහ.
පසුව උන් වහන්සේලා පිරිස සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ රජයේ ආරක්ෂිත හෙළිපෙහෙළි කොට ඇති ආකාරයත් තවදුරටත් වනය ඇතුලට ගොස් සොයා බැලීමේදී අති විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන වැට කණු යොදා තිබෙන අයුරු අනාවරණය කරගැනීමෙන් පසු ජාවාරම්කරුවන් විසින් රක්ෂිත මැද ඉඩම් වෙන් කිරීම සඳහා සිටුවා ඇති කණු රැසක් උන්වහන්සේලා විසින් ගලවා ගැනීමට පියවර ගත්හ.

ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට ප්‍රකාශ කළ පරිදි ඉඩම් විවිධ බලපත්‍ර යටතේ පෞද්ගලික ආයතන වලට ලබාදීමේ කූඨ ජාවාරමක් පිළිබඳව ද උන්වහන්සේ හෙළිදරව් කරමින් කියා සිටියේ සීගිරිය ප්‍රදේශයේ ලබාදී ඇති බලපත්‍ර ඉඩම් පිළිබඳව සහ ලබාදුන් ආකාරය පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ය.
එමෙන්ම සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ මහා වන විනාශය සහ ඉඩම් ජාවාරම පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ වහාම මේ පිටිපස සිටින රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ය. ජනතාවගේ බදු මුදලින් මෙම වනය ආරක්ෂා කිරීම සඳහා පැවරී ඇති බලධාරීන් තම රාජකාරිය ඉටු නොකිරීම නිසා ජනමාධ්‍යයට එම කාර්යය සිදු කිරීමට සිදුවී ඇතැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.
පසුව උන්වහන්සේ සීගිරිය ඉනාමළුව ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක් හමුවීමට ගිය අවස්ථාවේදී එහි සේවකයන් පිරිසක් කියා සිටියේ මෙම ඉඩම් වන සංරක්ෂක දෙපාර්තමේන්තුව සතුව තිබුණ ද ග්‍රාම නිලධාරීවරුන් සහ හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් ඉතා සූක්ෂම ලෙස මෙම ඉඩම් අත්පත් කරගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකසා ඇති බව ඔහු හෙළිදරව් කිරීම විශේෂත්වයකි.
– Advertisement –

