

දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේද ඉන්දියාවෙන් ද වාර්තා වීම හේතුවෙන් නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති අතර බ්‍රිතාන්‍යය, යුරෝපය සහ මැදපෙරදිග රටවල සිට පැමිණෙන පුද්ගලයින් හැර සෙසු රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා එය අදාළ වන බව ඔවුහු පවසති.
දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව වෛරසයේ ආසාදිතයින් සිව් දෙනෙකු සහ බ්‍රසීලයෙන් හඳුනාගත් වෛරසයේ එක් ආසාදිතයෙකු මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයින් 187 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
– Advertisement –

