32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් සියලු ප්‍රදේශ වලට ජලය ලැබෙනවා – අමාත්‍ය චමල් රාජපක්ෂ

Must Read

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අවසන් අදියර නිම කිරීමත් සමඟ දිවයිනේ සියලු ප්‍රදේශවල ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට රජයට හැකියාව ලැබෙන බව වාරිමාර්ග අමාත්‍ය, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

වර්ෂ 2000 දී නිම වීමට නියමිතව තිබුණු මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අවසන් අදියර වන උතුරු මැද මහ ඇළෙහි ඉදිකිරීම් ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කළ බවත් එමඟින් ත්‍රිකුණාමළයේ හා වවුනියාවේ ජලාශ වෙත ජලය ගෙන යාමට සැළසුම් කර තිබෙන බවත් ඒ මහතා කීය.
රුපියල් ලක්ෂ 825 ක වියදමින් ඉදිකරන ලද යටිනුවර ප්‍රාදෙශීය ලේකම් කාර්යාලීය පස් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම නිමිත්තෙන් පසුගිය 17 දා පැවැති උත්සවයේදී රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

කිලෝමීටර් 28 ක දිගින් යුතු උමං මාර්ගයක් ඔස්සේ ජලය ගෙනයන පරිසර හිතකාමී යෝජනා ක්‍රමයක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පැවසුවේය.

බෝවතැන්න ජලාශය හා සම්බන්ධ යෝජිත වයඹ මැද ඇළ තුළින් වයඹ පළාතේ වැව් තුන්සිය පනහක් පෝෂණය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වන බවත් එමගින් පළාතේ පානීය සහ වාරි අවශ්‍යතාවයට ජලය සම්පාදනය කිරීම කිසිදු ගැටලුවකින් තොරව සිදුකළ හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙම ව්‍යාපෘතිය වසර තුනකින් පමණ නිම කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා කීය.

මුහුදු බඩ කරදිය හා ලවණ මිශ්‍ර ප්‍රදේශවල හදුනාගත් ස්ථානවල පානීය අවශ්‍යතාවයට සුදුසු පරිදි ජලය සකස් කිරීමේ වැඩපිළිවෙලක්ද ඉදිරියේදි ක්‍රියාත්මක කරන්නේ යැයි ඇමැතිවරයා පැවසුවේය.
දිවයිනේ සියලුම වැව් අදියර කිහිපයකින් ප්‍රතිසංස්කරණය කරන බවත් ඒ තුළින් කෘෂිකාර්මික නවෝදයක් අපේක්ෂා කරන බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ,ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්,ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර,මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක,යටිනුවර ප්‍රාදෙශීය ලේකම් ඉන්දික අනුරුද්ධ පියදාස යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...
- Advertisement -

More Articles Like This

- Advertisement -