32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

පසුගිය ආණ්ඩුව පොල් ඉන්දුවනම් දැන් පොල් මිල ඉහල යන්නේ නෑ – චමල් රාජපක්ෂ

Must Read

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

මේ දවස්වල පොල් මිල වැඩි බවත් එයට ප්‍රධාන හේතුව පසිගිය ආණ්ඩුව පොල් වගා නොකිරීම බව අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටියේය, අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ  21 වනදා පෙරවරුවේ හම්බන්තොට සිංගප්පුර් සම්මන්ත්‍රණ ශාලාවේදී පවතී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ආසනයේ කාන්තා නියෝජිත සම්මේලනයට එක්  වෙමිනි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ  ”පැළයක් සිටුවා එය පීදිලා පොල් කඩන්න වසර පහක් පමණ යනවා. 2015 දි ගිය ආණ්ඩුව පොල් පැළ හිටෙව්වා නම් දැන් අපිට පොල් කඩන්න තිබුණා. නමුත් ඒ අය පොල් ඉන්දුවේ නෑ. ඒ නිසා දැන් පොල් නෑ. පොල් මිල වැඩියි. ඒ නිසා අපි දැන් පොල් වගාවත් ආරම්භ කරලා තියෙනවා. පොල් පර්යේෂණ ආයතනයක් පුත්තලම ලුණුවිල පමණයි තිබුණේ. දැන් මිද්දෙණියෙත් තියෙනවා පොල් පර්යේෂණ ආයතනයක්. එහි දී හම්බන්තොට දිස්ත්‍රික්කයට ඔරොත්තු දෙන වැඩි ඵලදාවක් සහිත පොල් වර්ගය සොයාගනු ලබනවා.” ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රිකයේ ගොඩකවෙල, හම්බන්තොට, නෙටොල්පිටිය. යන ප්‍රදේශ වළ  මිනි පොල් ත්‍රිකෝණයක් තිබෙන බවද අමාත්‍ය වරයා පෙන්වා දුනි.

 ” ඔබ රජයක් පත් කරගත්තේ සමස්ත රට වැසියාගේ මෙන්ම ඔබේ දුවා දරුවාගේ ප්‍රශ්න විසඳගන්න. ඒ සඳහා රට එක පිළිවෙලකට ගෙනයන්න. ගෝඨාභය ජනාධිපතිතුමා ගමින් ගමට ගොස් ඔබේ ප්‍රශ්නවලට සවන් දීලා ඒවා විසඳන්න අදාළ නිලධාරින්ට උපදෙස් දෙනවා. ඇතැම් විට මේ ප්‍රශ්න  විසඳන්න පාර්ලිමේන්තුවේ තියෙන නීති රීති අණපනත් වෙනස් කරන්න වෙනවා. ගැසට් අලුතින් ගහන්න වෙනවා. මේවාට යම් ප්‍රමාදයක් ඇතිවුණත් මේවා කෙරෙනවා.”

  ”රටේ රැකියා ප්‍රශ්නය විසඳන්න වෙන්නෙ නිෂ්පාදන දෙස බලලා. මත්තල ගුවන් තොටුපළට දිනකට ගුවන් යානා පහක්වත් දැන් එනවා. මේ ඔස්සේ රැකියා අවස්ථා බිහි වෙනවා. ටයර් කර්මාන්ත ශාලාවක් හැදෙනවා. තව අවුරුදු දෙක තුනකින් රැකියා දෙදහසක් පමණ එමගින් උත්පාදනය වෙනවා. දැනට අවුරුදු විස්සකට පමණ පෙර මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ රබර් වවන්න පටන්ගත්තා. කුඩා ඉඩම්වල රබර් වැවෙව්වා. ඒ අය දැන් රබර් කිරි කපනවා. රබර් මිල එන්න එන්නම ඉහළ යනවා. අපේ රටේ ටයර් නිෂ්පාදනය වන විට පිටරට යැවීමෙන් අපට විදේශ විනිමය උපයන්න පුලුවන් බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මෙහිදී කියා සිටියේ ”

 ”වරාය නිකන්ම හැදුවෙ නෑ. අපි වරාය හදනකොට ලෝකයේ  මොකද්ද වෙන්නෙ කියලා බැලුවා. දැන් දකුණු තායිලන්තයේ ඇළක් කපනවා සූවස් ඇළ වගේ වෙනත් ඇළක්. එවිට චීනය, ජපානය, පිලිපීනය වැනි රටවල  නිෂ්පාදනය කරන දේවල් නැව්වලින් ගෙන එන්නේ මේ ඇළ හරහා. ඒ වගේම ඒ නැව්වලට අපේ රටේ හම්බන්තොට වරාය නවාතැන්පළක් වෙනවා. මේ සියල්ලම ඔබට සහ ඔබේ දරුවාට. මේ රටට. විසඳන්න හැකි ප්‍රශ්න සියල්ලම අපි විසඳලා දෙනවා.”

  ”කර්මාන්තයක් හැටියට කිතුල් නිෂ්පාදන කිරීමට කටයුතු යොදා තිබෙනවා. සීනි පිටරටින් ගෙන්නන එක නවත්තලා කිතුල් කර්මාන්තය නගා සිටුවන්න පුළුවන්. ඒ ඔස්සේ රැකියා උත්පාදනය වෙනවා. ඒ නිසා කිතුල් නිෂ්පාදන අධිකාරියක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් හදලා තියෙනවා.

මොරගහකන්ද ජලාශය 2007 මහින්ද රාජපක්ෂ මැතිතුමා ගිහිල්ලා වැඩ ආරම්භ කළා. එම ජලාශයේ සිට අනුරාධපුරයට, වව්නියාවට, ත්‍රිකුණාමලයට ජලය ගෙන යන්න කි.මී. 28ක් දිග උමගක්හදන්න වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එමගින් තිසා වැව ඇතුළ කුඩා වැව් විශාල ප්‍රමාණයකට ජලය සපයන්න පුළුවන්.” 

  ”පසුගිය දා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බෝවතැන්න ජලාශයේ සිට වයඹට කුරුණෑගලට ජලය ගෙන යන්න මහ වැව් දෙකක් හදන්න වැඩ ආරම්භ කළා. 1970 -1977 අතර කාලයේ සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුව කාලෙ කළ ජලාශයෙන් තමයි අපි වයඹට ජලය ගෙන යන්නෙ. උමා ඔයට අපි අප්‍රේල් මාසෙ වෙනකොට වතුර දෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට ජල හිඟය තියෙනවා නම් යම් තැනකට ඒ සියලු තැන්වලට ජලය ලබාදෙනවා. අපි වැඩ කරන්නෙ සැලැස්මක් ඇතිව. මහගල්වැවට ජලය ලැබෙන්නෙ උමා ඔය හරහා. මත්තල ගුවන්තොටුපළත් එක්ක හැදෙන කර්මාන්ත ශාලාවලට අවශය ජලය එමගින් සැපයෙනවා. ඒ සියලු දේවල් සිදු වන විට මේ රටේ පොහොසත්ම දිස්ත්‍රික්කය බවට හම්බන්තොට අපේ දිස්ත්‍රික්කය පත් වෙනවා. ඒ සියල්ල ඉක්මණින් කරන්න බෑත පසුගිය වසර පහ තුළ ඒ සියල්ල අතපසු වුණා. ඒ අතපසුවීම් සමග තමයි අපි ඉස්සරහට යන්නෙ.”

 මෙම කාන්තා සම්මේලනයේ ආරාධිත දේශනය පැවැත්වීම සිදුකරන ලද්දේ රාජ්‍ය අමාත්‍ය විශේෂඥය වෛද්‍ය සිතා අරබෙගේගොඩ මහත්මිය වීසින් වන අතර ,පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති , හම්බන්තොට නගරාධිපති එරාජ් රවිද්‍ර ප්‍රනාන්දු ඇතුළු පිරිසක්ද මේ සදහා සහබාගි විය

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...
- Advertisement -

More Articles Like This

- Advertisement -