32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

නාවලපිටිය හන්ග්‍රන්ඔය ඇළ හරස්කර වැටක් ගහලා

Must Read

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය හන්ග්‍රන්ඔය ඇළ හරස් කරමින් ඇළ රක්ෂිතයට යාබදව පිහිට පෞද්ගලික ඉඩමක හිමිකරුවෙකු විසින් දිය ඇල්ලට පිවිසෙන මාර්ගය අවහිර කරමින් කටු කම්බි ගසා වෙන් කරගෙන ඇති බව චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් (20) දින පස්වරුවේ එම දිය ඇල්ල අසල උද්ඝෝෂනයක නිරත විය.
හන්ග්‍රන්ඔය රක්ෂිතයේ සිට මහවැලි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ හන්ග්‍රන්ඔය දිය ඇල්ල පිහිටා ඇති අතර, ඊට පහලින් නාවලපිටිය ප්‍රදේශයට පානිය ජලය ලබා ගන්නා ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල වේල්ලද පිහිටා ඇත.


ඉඩමේ අයිතිකරු විසින් දිය ඇල්ල රක්ෂිතය කටු කම්බි ගසා වෙන් කරගෙන ඇති අතර , එම ඇළ රක්ෂිතයට ගිනි තබා එම රක්ෂිතයේ පිහිට වටිනා දැව කපා ඉවත් කර හන්ග්‍රන්ඔයේ ඇළෙහි බලපත්‍රයක් නොමැතිව ඉඩමේ අයිතිකරු විසින් වැලි ගොඩ දැමිමක්ද සිදු කර ඇති බව උද්ඝෝෂණයේ නියැලි සිටි ප්‍රදේශවාසින් චෝදනා කර සිටියි.
නාවලපිටිය ප්‍රදේශයට සංචාරක ආකර්ෂණයක් ලබා ගත් හැකි හන්ග්‍රන්ඔය දිය ඇල්ල පිවිසෙන මාර්ගය ජනතා අයිතියට පත් කරන ලෙස උද්ඝෝෂණයේ නියැලි සිටි ප්‍රදේශවාසින් ඉල්ලා සිටියි.
ඇළ රක්ෂිතයට යාබදව පිහිටි පෞද්ගලික ඉඩමේ හිමිකරුට ඔහුගේ බංගලාවකට යාබදව පිහිටි ඉඩමක් දිර්ඝ කාලින බදු පදනම මත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ගිවිසුමක් මගින් ලබා දි තිබුණද හන්ග්‍රන්ඔය දිය ඇල්ල සහ ඇළ රක්ෂිතය ඔහු වෙත ලබා දි නොමැති බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

– Advertisement –

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...
- Advertisement -

More Articles Like This

- Advertisement -