32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

බලපත්‍ර නොමැතිව කරගෙනගිය ලී මෝලක් STF එකට කොටු

Must Read

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

කිසිදු බලපත්‍රයක් නොමැතිව කාලයක් තිස්සේ ගලේවෙල පෙදේශයේ පවත්වාගෙන ගිය ලී මෝලක් වටලා විශාල කඳන් සහ විවිධ ප්‍රමාණයන් වලට සකස් කරන කොටස් කරන ලද දැව තොගයක් 21 දින පස්වරුවේ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැව අපරාධ මෙන්ම වන විනාශයන් පිළිබඳව හදිසි දුරකතන ඇමතුම් හරහා තොරතුරු ලබා දෙන්නැයි රජය කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණ බලපත්‍ර නොමැති දැව මඩුව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම ස්ථානයේ කිසිදු බලපත්‍රයක් නොමැතිව තේක්ක, මහෝගනී, කටකෑල, කොහොඹ, ආදී විවිධ වර්ගයේ දැව කොටන් සහ විවිධ ප්‍රමාණයන් වලට ඉරන ලද සකසන ලද දැව විශාල ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගලේවෙල වන සංරක්ෂණ නිලධාරීන්ට භාර දී එම නිලධාරීන් සමග එක්ව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවැසීය.

මෙම ස්ථානයේ තිබෙන දැව ප්‍රමාණය ගණන් බැලීම සඳහා දින දෙකක පමණ කාලයක් ගතවේ යැයි පොලිසිය විශ්වාස කරති. ප්‍රදේශීය අවට විශාල දැව කඳන් ගෙනැවිත් දමා තිබෙන බවත් එමෙන්ම ස්ථාන කිහිපයකම කොටස් කරන ලද දැව ගබඩා කොට තිබෙන බවත් කාලයක් තිස්සේ මෙම දැව මෝල පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම දැව වල වටිනාකම සහ ප්‍රමාණය පිළිබඳව විමසීමේ දී ගලේවෙල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු කියා සිටියේ මෙතෙක් ඒවා ගණන් බැලීම සඳහා අවසන් කර ගැනීමට නොහැකි ව පවතින බවය. මෙම දැව සඳහා යොදාගත් ගස් කුමන ප්‍රදේශයකින් රැගෙන ආවේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද ඇතැම් ගස් එම ප්‍රදේශයේ නිවෙස් වල ගෙවතු වලින් ලබා ගත් ඒවා බව අත්අඩංගුවට ගත් සැකකරු සඳහන් කොට තිබේ.
එමෙන්ම මෙම දැව ගණන් කිරීම ප්‍රමාණය සොයා ගැනීම සඳහා අමතර භට කණ්ඩායමක් දඹුල්ල කඳවුරෙන් ගෙන්වීමට ද සිදු වූ බව පොලීසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් අධිකාරී ශාන්ත රත්නපිටිය මාතා සහ අණදෙන නිලධාරී නීතිවේදි වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල කඳවුරේ අණදෙන නිලධාරිවරයා ගේ උපදෙස් පරිදි දඹුල්ල කඳවුරේ පොලිස් පරීක්ෂක එම් .ඩි එන්. පී .ගුණතිලක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකොට තිබේ .

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

පුත්තලම, වනතාවිල්ලුව නාගමඩුව වැව් රක්ෂිතයත් වනඝාතකයින් වනසයි

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල...
- Advertisement -

More Articles Like This

- Advertisement -