

වතු කම්කරු වැටුප් ප්රශ්නය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්න නොහැකි තත්වයක මේ වන විට අදා වී ඇති බවත්, සාමුහික ගිවිසුම හරහා මෙම පඩිය වැඩිකරනවද? එසේ නැත්නම් පඩි පාලක සභාව හරහා වැඩි කරනවාද? කියල තීරණයක් නොමැතිව වතු කම්කරුවන් දැනට අනාථ වී සිටින තත්වයකට පත්ව ඇති බව වතු කම්කරු වැටුප් අයිතිය සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කරු එස්.ටී.ගනේෂලිංගම් මහතා අද (21) දා පැවසීය.
මස්කෙළිය නගරයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ගනේෂලිංගම් මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එස්.ටී.ගනේෂලිංගම් මහතා මෙසේද කීය.
“වතු කම්කරු වැටුප් වැඩිකිරීම සඳහා වූ සාමුහික ගිවිසුම පසුගිය පසුගිය මාසේ (28) වෙනිදායින් අවසන් වුණා. ඒ සම්බන්ධව සාකච්ඡා ගණනාවක් තිබ්බත් ස්ථීර විසඳුමකට එන්න බැරිවෙලා තියෙනවා. වැටුප් ප්රශ්නය සම්බන්ධව රජය මැඳිහත්වෙලා පඩි පාලක සභාව හරහා සාකච්ඡා කර තිබෙනවා. නමුත් ගිය සතියේ හාම්පුතුන්ගේ සංගමය සමග යොදාගෙන තිබූ සාකචඡාවට 07 දෙනෙකුගෙන් යුත් සාමාජිකයින්ගෙන් එක් සාමාජිකයෙක් පමණයි එදින පැමිණ තිබෙන්නේ. 06 දෙනෙක් සහභාගී නොවීම හේතුවෙන් බහුතරය නොමැති නිසා කිසිදු තීන්දු තීරණයකට එළඹෙන්න නොහැකි වෙලා තිබෙනවා. එම තත්වයත් සමග වැටුප් ප්රශ්නය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්න නොහැකි තත්වයක තිබෙනවා. සාමුහික ගිවිසුම හරහා මෙම පඩිය වැඩිකරනවද? නැත්නම් පඩි පාලක සභාව හරහා වැඩිකරනවාද? කියල තීරණයක් නොමැතිව වතු කම්කරුවන් දැනට අනාථ වී සිටිනවා.”
“ආණුඩුව දිගින් දිගටම යෝජනාවක් එසේ නැතිනම් ප්‍රකාශයක් කරමින් සිටිනවා වතු නඩත්තු කරන්න බැරි කොම්පැණි ටිකක් ආණ්ඩුවට බාර ගන්නව කියල. අපි මේක මීට පෙර මතුකරල තිබෙනවා. ඉන්දියාවේ අදානි සමාගම වගේ ආයතනයක් බලාපොරොත්තු වෙනවා අපේ භූමිය බාර ගන්න. මේ වන විට අපිට මාධ්‍ය හරහා දැනගන්න ලැබිලා තිබෙනවා චීන සමාගමකුත් අපේ රටට ඇතුල්වෙන්න යනවා කියල. මේකද ඉදිරියට සිදු වන්නේ? විදේශිය සමගම් වලට, බහු ජාතික සමාගම්වලට දේශිය සම්පත් පාවා දෙන වැඩකට යන බවයි අපට තේරෙන්නේ. වතු කම්කරුවෙකුට අඩුම වශයෙන් දිනක මූලික වැටුප රුපියල් 1000/- දෙනවද කියල තමයි අපිට අහන්න තියෙන්නේ. අපිට දැනට ආරංචි වෙලා තිබෙනවා කඳුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග ඉන්දියාවේ තානාපති කාර්යාලයේ නියෝජිතයින් මේ වන විට වෙන වෙනම සාකච්ඡා කරල තිබෙනවා කියල. එහිදී මොනවද සාකච්ඡා කළේ කියල තවම හෙලි කරලා නෑ. අදානි සමාගමට වතු දෙන්න යන බව තමා අපිට දැනගන්නට තියෙන්නේ. කිසිම විනිවිද බාවයක් නැතිවයි වැඩ කරන්නේ. ඒ නිසා අපි රජයට බල කර සිටිනවා මේ සම්බනධව වහාම මැදිහත්වීමක් සිදු කර කම්කරු ප්‍රජාවට සුභ දායක තීරණයක් ලබා දෙන්න කියල.”
– Advertisement –

